gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුවත්උපයන විට ගහන අලුත් බදු මන්ත්‍රීලාට නෑ: කැපුව ඒවාත් ආයෙ දීලා

ජනවාරි මස සිට රට පුරාම රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් උපයන්නන්ට බදු ගසද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා බදු සහනයක් ලබා දී තිබේ. ඒ උපයන විට බදු වශයෙන් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් රු.72,000/= ත් 75,000/= ත් අතර මුදලක් අය කර පසුව එය පෙබරවාරි මාසය වන විට රු. 15,000/= ක් දක්වා අඩුකර තිබීම නිසාය.

මීට අමතරව ජනවාරියේ අය කළ බදු මුදලින් රු.55,000/= ක්ද නැවත මාර්තු මාසයේ මන්ත්‍රීවරුන්ට ආපසු ගෙවා තිබීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුට ලැබෙන්නේ රු.54,000/= ක් බව ප්‍රකාශ වුවද ඔවුන්ට ඊට අමතරව දුරකථන දීමනාවක් ලෙස රු.50,000/=ක්, කාර්‍යාලයක් නඩත්තුව වෙනුවෙන් රු,1,00000/= ක්, ඉන්ධන දීමනාවක් ලෙස රු, 1,70,000/= ක්, මීට අමටරව ප්‍රවාහන දීමනාවක් ලෙස තවත් රු. 15,000/= ක්, විනෝදාත්මක දීමනාවක් ලෙස රු. 1000/= ක් සහ සහභාගි වන සෑම සභා වාරයකටම රු.2,500/= ක් ලෙස ගෙවනු ලබයි.

ඒ අනුව දළ වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ මාසික වැටුප දීමනා සමග  රු. 4, 50, 000/= ( හාරලක්ෂ පණස් දහසක් ) පමණ වෙයි. ඒ ඒ මන්ත්‍රී වරයා සහභාගි වන පාර්ලිමේන්තු සභාවාර අනුව මෙය වෙනස් වෙයි. ( විනෝදාත්මක කටයුතු Entertainment වෙනුවෙන් මාසයකටම රු.දහසක් පමණක් තවමත් ලබා දීමත් ප්‍රවාහන කටයුතු වෙනුවෙන් දීමනා දෙකක් ලබා දීමත් විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවේ දිවා ආහාරයද මොවුන්ට ලැබෙනුයේ රු. 400/= කටය.

ජනවාරි මස සිට ලක්ෂයකට වඩා වැටුප් ගන්නන් තම ආදායම් ප්‍රමාණය අනුව බදු ගෙවද්දී ඊට එරෙහිව කඳුළු ගෑස් කමින් උද්ඝෝෂණ කරද්දී මෙම බදු ක්‍රමය අනුමත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ම තම බදු නිහඬවම සංශෝධනය කර ගැනීම විශේෂ සිද්ධියකි.

අලුත් බදු ක්‍රමය සඳහා වැඩියෙන්ම උද්ඝෝෂණ හා පෙළපාලි සංවිධානය කරනුයේ ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා කරගෙන ඇති බදු සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ මන්ත්‍රී වරු තිදෙනාවත් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාත් නිහඬව සිටීම විමතියට කරුණකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka