‘ආගම අපේ හුස්ම. හෙට තැන් කිහිපයක බෝම්බ පුපුරවනවා..’ පණිවුඩයකින් කිලිනොච්චිය කැලඹෙයි
ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින්නේ යැයි සඳහන් ලිපියක් කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසකින් හමු වීමත් සමග කිලිනොච්චිය මූලස්ථාන පොලීසිය ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම ලිපිය නිවසේ තබා ගියේ යැයි කියනා නාදුනන කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට හෙළි කර ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
‘ආගම අපේ හුස්ම. හෙට අපි තැන් කිහිපයක බෝම්බ තියන්න සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා පාසල් යවන්න එපා. යැව්වොත් මරනවා. මෙම ලියුම ගැන ඔයා වෙන අයෙකුට දැනුවත් කරොත් මරනවා. අනිවාර්යෙන්ම අපි ඒක කරනවා’ යනුවෙන ලිපියේ සඳහන්ව ඇතැයි පොලිසිය කියා සිටියි.
‘ආගම අපේ හුස්ම. හෙට තැන් කිහිපයක බෝම්බ පුපුරවනවා..’ පණිවුඩයකින් කිලිනොච්චිය කැලඹෙයි
2023-05-27T16:02:00+05:30
Lanka Hot News






