gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුකාර පුටුව රැකගන්න දේශපාලන නායකයන් පසුපස යයි! ආණ්ඩුකාර තනතුරු හිමිවන අය මෙන්න! දේශපාලකයින් 4යි – පරිපාලන නිලධාරිනියකුත් ඒ අතර!

නව ආණ්ඩුකාරවරුන් සිව්දෙනකු පත් කිරීමට රජය තීරණය කර තිබෙනනා.

ඒ අනුව වයඹ පළාත, සබරගමුව පළාත, උතුරු හා නැඟෙනහිර පළාත් සඳහා මෙම ආණ්ඩුකාරවරු පත් කිරීමට නියමිතයි.

යෝජිත ආණ්ඩුකාර තනතුරු 4 සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් 4 දෙනකුගේ සහ එක් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියකගේ නම් දැනට යෝජනා වී තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ නම් අතරින් සුදුසු ආණ්ඩුකාරවරුන් 4 දෙනකු තෝරා ගැනෙනු ඇති.

වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර ආණ්ඩුකාරිණී අනුරාධා යහම්පත්, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජාට දැනටමත් සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබෙනවා.

එහෙත් ඇතැම් ආණ්ඩුකාරවරුන් තම ධුරය රුකගැනීම සඳහා විවිධ දේශපාලන නායකයන් පසුපස යමින් මෙම තීරණය වෙනස් කරවා ගැනීමට තැත් කරන බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරයෙන් පසු (ලබන 10 දායින් පසු) නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka