gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට එක් කළ NGO අධ්‍යක්ෂවරිය අල්ලයි

වයස අවුරුදු 16ට අඩු දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන සමාජ මාධ්‍යජාල වෙත එක්කළ කාන්තාවක් අත්අඩංගුට ගෙන තිබේ.

ඊයේ (29) උදෑසන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලොව පුරා විහිදුණු රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක සාමාජිකාවක් මෙන්ම මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය පිළිබඳව ජාතික අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ කාන්තාවක් බවද වාර්තා වෙයි.

අදාළ දැරියගේ අඩ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යජාල ඔස්සේ පළකරන බවට නිවැසියන්ට තර්ජනය කර ඇති ඇය පසුව එසේ පළකර දැරියට අගතියක් සිදුකර ඇති බවට ඇයගේ මව විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

අදාළ දැරිය මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් ඇති අතර මෙම සිදුවීම හරහා දැරිය දැඩි මානසික හිංසනයට ලක්වී ඇති බවද ඇයගේ මව පැවසුවාය.

මීට වසර 04කට කලින් අදාළ අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති අතර එතැන් පටන් ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහරින බවට තර්ජනය කරමින් දැරියව වරින්වර අපහසුතාවයන්ට ලක්කර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

එහි ආසන්නතම සිදුවීම ඉකුත්දා සිදුවී ඇති අතර ඒ අනුව දැරියගේ මව විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබුණි.  

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය සකුන්තලා මිල්ලවාන නමැති දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද වාර්තා වෙයි.

සැකකාර කාන්තාව ඇප මත මුදාහැර ඇති අතර මෙම නඩුව නැවත අගෝස්තු මස 02 වනදා කැඳවීමට නියමිතය.

පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka