gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඉරි තුනේ නිවේදනයක්... රට යාම තහනම්!

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම අනිවාර්ය කර තිබේ.

ඒ සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් ලිඛිතව දැනුම් දීම සිදුකර ඇතැයිද වාර්තා වෙයි.
ඒ ආකාරයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමේ දීය.
 
මෙම විශේෂ දැනුම් දීම ඇති කාලසීමාවේදී මන්ත්‍රීවරුන්ට විදේශගත වීම තාවකාලිකව තහනම් වන අතර එම කාලසීමාවේදී මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ඊටද හේතු දැක්විය යුතුය.

එළැඹෙන 24 වැනිදා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka