ඉන්දීය රජය මේ සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇත.ඉන්දීය රුපියල් මිලියන 890 ක වන්දියක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු බව දන්වමින් ඉදිරිපත් කොට ඇති මේ ඉල්ලීම සාගර දූෂණය වැළැක්වීමට ඉන්දීය රජය ලබාදුන් ලබා දුන් සහයෝගය සඳහාය.
සිංගප්පූරුවේ ලියපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි 22 ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට අති විශාල හානියක් සිදු කරමින් ගිනි ගන්නා ලදී.මේ වන තෙක් අදාල නැව් සමාගමෙන් ශ්‍රී ලංකාවට සාධාරණ වන්දි මුදලක් ලැබී නොමැතිි අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට වන්දි ගෙවීමට සිදු වීම කිසිසේත්ම පියවිය නොහැකි පාඩුවකි.
කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාව 2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනතුරට ලක්විය.ඩොලර් බිලියන 15 ක වන්දි මුදලක් ලබා ගැනීමට හැකියාව තිබූ එම අනතුර පිළිබඳව ද සාධාරණ මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ සිදු නොවුුුණි.
තත්ත්වය මෙලෙස තිබියදී ඉන්දීය නාවික හමුදාව සාගර පිරිසිදු කිරීම් කටයුතු සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සඳහා ඉන්දීය රුපියල් මිලියන 490 කුත් නිව් ඩයමන්ඩ් නෞකාව සදහා ඉන්දීය රුපියල් මිලියන 400 කුත් වන්දි ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවට ලිඛිතව දැනුම් දී ඇත.