gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල අඩු කිරිම අද මධ්‍යම රාත්‍රීයේ

QR ක්‍රමවේදය හරහා මේවනවිට නිකුත් කරන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණා.

ඒ, අනුව යතුරු පැදියක් සඳහා සතියක කාලයක් වෙනුවෙන් මෙතෙක් නිකුත් කළ ලීටර් 07 ක ඉන්ධන කෝටාව ලීටර් 14 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ත්‍රී රෝද සඳහා සතියකට නිකුත් කළ ලීටර් 8 ක ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇත්තේ ලීටර් 14 ක් දක්වායි.

එමෙන්ම ලියාපදිංචි කළ ත්‍රී රෝද රථ සඳහා මෙතෙක් ලබාදුන් ලීටර් 15 ක ඉන්ධන කෝටාව ලීටර් 22 ක් දක්වා ඉහළ දැමූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මෝටර් රථ සහ වෑන් රථ සඳහා ලබාදුන් ලීටර් 30 ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම බස් රථ සඳහා ලබාදුන් ලීටර් 60 ක ඉන්ධන ප්‍රමාණය සහ ලොරි රථ සඳහා ලබාදුන් ලීටර් 75 ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 125 ක් දක්වා ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා. පසුගියදා ප්‍රකාශ කෙරෙැණේ මෙවර ද ඉන්ධන මිල පහළ දමන බවයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka