gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාෆිගේ නඩුව විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කගේය

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව එම තීන්දුව ලබාදුන්නේ විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. කුරුණෑගල පොලීසියේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෛද්‍ය මොහමඩ් සාෆි විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට සාධාරණ සාක්ෂි කිසිවක් අනාවරණය වී නොතිබූ බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. එසේ තිබියදී ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බව ද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කියා සිටියේය

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පරික්ෂා කිරීමේදී විශාල මුදල් සංසරණයවීමක් සිදුවී තිබෙන බව පෙනී යන්නේ යැයි සඳහන් කලේය

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී සති දෙකකින් පසුව මෙවැනි විශාල මුදල් හුවමාරු වීම් සිදුවී ඇති බව පෙනී ගොස් තිබෙනවා. මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශකයන් තුළ ඇතිවූ සාධාරණ සැකයක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශය තුළින් පෙත්සම්කරු තමන්ට මුදල් ලැබුණු ආකාරය ගැන පැහැදිලි කිරීමට අපොහොසත් වී තිබෙනවා. පොලිස් පරීක්ෂණවලට මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නැහැ” යනුවෙන් විනිසුරු මළල්ගොඩ එහිදී පෙන්වා දුන්නේය

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ බැංකු ගිණුමට එකම දිනක විශාල මුදල් තැන්පත් වී තිබෙන බව පරික්ෂා කිරීමේදී පෙනී යන බව කියා සිටි‌ේය.

“මෙම මුදල් ලැබුණේ කෙසේද? යන්න පැහැදිලි කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වීමට සිදුවෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ කාලසීමාවේ අද මෙන් සාමකාමී පරිසරයක් තිබුණෙ නෑ. මෙවැනි විශාල මුදල් සංසරණය වීම පිළිබඳව විමර්ශකයන් තුළ සැකයක් මතුවීම සාධාරණයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සිදු වෙනවා” යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ එහිදී සඳහන් කලේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ විනිසුරු යසන්ත කෝදාගොඩ කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව නසාර් නැමැති පුද්ගලයෙකු ඒ.ටී.එම් කාඩ්පත් දහයක් සහ පිහියක් සමග අත්අඩංගුවට ගෙන තිබූ බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ ඒ.ටී.එම් කාඩ්පත් දහයෙන් 09 ක්ම පෙත්සම්කාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම් වලට අයත්ව තිබූ ඒවා බව විමර්ශන වලින් හෙලිවී තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර වෛද්‍යවරයා ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ ලැදිව කටයුතු කරමින් අයථා ලෙස රුපියල් කෝටි 40 කට අධික වත්කම් සහ මුදල් උපයාගෙන ඇති බවට ලැබුණු බුද්ධි තොරතුර කට අනුව මෙම විමර්ශනය සිදු වූ බවයි.

අදාල විමර්ශනවල දී ඇති වූ සාධාරණ සැකය මත පොලිසිය විසින් පෙත්සම්කරු අත්අඩංගුට ගත් බවත් ඇය කියා සිටියා. එබැවින් පොලිසියේ ක්‍රියාකලාපය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තුල කිසිදු නීතිමය පදනමක් නොමැති නිසා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව එහිදී නිවේදනය කලේය

2019 වසරේ මැයි මස 24 වනදා කුරුණෑගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය මොහමඩ් සාෆි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

-නෙත්/දෙරණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka