gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෙරම් ප‍්‍රනාන්දුට එරෙහිව සිදු කල අපරාධ පැමිණිල්ල මෙන්න…

තමන් දිවැසිවරයෙකුයැයි ප්‍රකාශකරගන්නා ජෙරම් ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකු විසින් බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට සහ අනෙකුත් ආගම්වලට අපහාස වන අන්දමින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා විසින් (15) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලදී.එම අවස්ථාව සදහා පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර, නැගෙරනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් සහ උතුරු කොළඹ ආසන සංවිධායක මංජුල නිස්සංක යන මහත්වරුන්ද සහභාගී විය.

එම පැමිණිල්ලේ මෙසේ සදහන් වේ

2023.05.15

අධ්‍යක්ෂ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
යෝක්වීදිය
කොළඹ – 1

ගරු අධ්‍යක්ෂකතුමනි

බුදු දහම ප්‍රමුඛව ආගම් වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කල පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම

තමන් දිවැසිවරයෙකුයැයි ප්‍රකාශකරගන්නා ජෙරම් ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකු විසින් බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අන්දමින් සිදුකරන ලද ප්‍රකාශයක් අඩංගු වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුල සංසරණය වෙමින් පවතී.

එම වීඩියෝවේ දී ඉහත පුද්ගලයා මෙලෙස ප්‍රකාශ කරනු දක්නට ලැබේ.

“This is what separates Christianity from Buddhism. Because for a Buddhist in their mind, it’s like, okay, අනුන්ට කලදේ තමන්ට පලදේ in a sense, it’s true, especially if you do something to a prophet. Anyways. Now, but in the Buddhist mind, they never hear the love of Buddha. Are you hearing this? Their focus is enlightenment. But to be enlightened, you need light. The Buddha himself, the name Buddha means enlightened one. Ladies and gentlemen, what is greater, light or enlightened? Jesus said, I’m the light of the world.soi tell you now, jesus didn’t said i’am the enlightened one, No, no, no, no. Jesus came from a different wavelength. Jesus said I’m the light. So I submit to you, the Buddha was looking for light. He was actually looking for Jesus. This is why every Buddhist needs Jesus.”

එමෙන්ම ඉස්ලාම් සහ හින්දු ආගම් වලට ද අපහාස කරන එකී ප්‍රකාශයේ අඩංගු සීඩී පටය ඇමුණුම් අංක 01 ලෙසින්ද, එහි යතුරු ලියනය කරන ලද පිටපතක් ඇමුණුම් අංක 02 ද ලෙසින්ද සටහන් කර මේ පැමිණිල්ල සමග ඉදිරිපත් කර සිටිමු.

ඉහත ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කරමින් ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශයකි. එමෙන්ම දණ්ඩනීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

ඒ අනුව මෙම ප්‍රකාශය සිදු කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් අපි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට
දේශප්‍රේමීත්වයෙන්

ඉරංග විද්වත් මෙන්ඩිස්
ප්‍රචාරක ලේකම්
පිවිතුරු හෙළ උරුමය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka