gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෝවිලේ දේව පූජාවට දැල්වූ වායු බැලුනය නිවසක් මතට කඩා වැටී ගිනිගනී…

යාපනය වැලිවැටිතුරෙයි මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්ලය වෙනුවෙන් පත්තු කොට ගුවනට යවන ලද වායු බැලුනයක් යාපනයේ නිවසක් මතට කඩා වැටී ගිනිගැනීමක් සිදුව ඇතැයි ප්‍රදේශවාසීණ් පවසති.

මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික උත්සවයේදී පැවත්වූ ප්‍රධාන දේව මෙහෙය අවස්ථාවේදී දේව ප්‍රථිමා වැඩම කරවන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් බැතිමතුන් විසින් විශාල වායු බැලුනයක්  ගුවනට මුදා හරින ලදි.

මෙලෙස ගුවනට මුදාහරින ලද වායු බැලුනය එම අවස්ථාවේදී සාර්ථකව ගුවනට ගිය අතර පසුව පැය කිහිපයකට අනතුරැව පේදුරුතුඩුව තුම්පලෙයි ප්‍රදේශයේ නිවසක් මතට අදාල වායු බැලුනය කඩාවැටී ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් වායු බැලුනය කඩාවැටීමෙන් අදාල නිවසේ වහලය මත ගින්නක් ඇතිවූ බවටත් පසුව එය ප්‍රදේශවාසීන් එක්ව නිවාදැමීමට පියවර ගත් හෙයින් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

මේ අතර අදාල වායු බැලුනය පේදුරුතුඩුව ප්‍රදේශයට ගුවනේ සිට කඩාවැටීම සිදුවන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පිරිසක් ආකාශයෙන් උල්කාපතයක් හෝ කඩාවැටෙන්නේදැයි යන්න බියවූ බවටද ප්‍රදේශවාසී ජනතාව වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka