gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොලඹට ආරක්ෂාව යොදවා තිබුණේ ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් නිසා.

ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත 2023.05.12 වනදා සිට කොලඹට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.සංවිධානාත්මකව මහජන කැලඹීමක් ඇතිකිරීමට  හා මහජන ආරක්ෂාවට තර්ජනයක්  ඇතිකිරීමට පිරිසක් සූදානම්ව ඇති බවට මෙසේ බුද්ධි තොරතුරු ජනාධිපතිවරයා වෙත ලැබී තිබිණි. ජනාධිපතිවරයා  වහාම ජනාධිපති ලේකම්  සමන් ඒකනායක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට මේ පිලිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී තිබිණි.

වහාම සාගල රත්නායක හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ පිලිබදව සාකච්ඡා කොට හදිසි රැස්වීමක් කැදවා තිබිණි. මේ අනුව යුධ හමුදාපති විකුම් ලියනගේ ,මේජර් ජෙනරල් සුරේෂ් සලේ,බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන නිලධාරින් ජනාධිපති කාර්‍යාලට කැදවන ලදී.

මෙහිදී බුද්ධි තොරතුරුවලට අනුව ආරක්ෂක අංශ කෙසේ සූදානම් විය යුතුද යන්න සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කරන ලදී.මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ශ්‍රීලංකා පොලිසිය හා යුධ හමුදාව සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරන ලදී.ඒ අනුව 2023.05.12 සිට මේ දක්වා කොලඹ ආරක්ෂාව දැඩි කර ඇත.කිසිවිටකත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂාව කඩ කිරීමට ඉඩ නොදෙන බවත් ප්‍රකාශ කර ඇත.

කොලඹ ආරක්ෂාව තර කිරීම හේතුවෙන් මහජන සාමයට බාධාවන කිසිදු කඩාකප්පලකාරී ක්‍රියාවක් සිදුවීම වැලක්වීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka