gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙහෙකාරිය රන් භාණ්ඩ සොරකම් කළා යැයි සුධර්මා පැමිණිලි කරලා.. සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ හිටපු මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී අසනීපවී අබිරහස් ලෙස මිය යයි..

එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවයකළ වැඩකාරිය පොලිස් අත්අඩංගුවේ දී අබිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ. සුධර්මා නෙත්තිකුමාරගේ නිවස පිහිටා ඇත්තේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ ය. පසුගිය 11 වැනිදා  සවස සුධර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නිවසේ සිටි මෙහෙකාරිය ඇයගේ මුද්දක් ඇතුළු රන් භාණ්ඩ ප්‍රමාණයක් සොරකම් කර ඇති බවය.


මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇත්තේ බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි.

මෙම පැමිණිල්ල යොමුකරන විට මෙම කාන්තාව බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිට ඇත.

සුධර්මා නේත්තිකුමාරගේ පැමිණිල්ල මත  වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටිය දී  ඊයේ සවස 06ට   ඇතිවූ හෙළි නොවුන හේතුවක් නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගතකර පැයක් ඇතුළත කාන්තාව මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධව වැලිකඩ පොලිසිය පොලිසියේ ඉහළ නිලධාරීන්ද නොමග යවමින් තොරතුරු වසන් කරන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

උපුටාගැනීම - lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka