ඕමාන් ආයෝජකයාගේ සිද්ධියට මා සම්බන්ධ බව කීම අසත්‍යක්.. පැමිණිල්ලක් නැති සිද්ධියකට මගේ නම ගාවනවා - රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ
තමන් නිතරම ක්‍රියා කළේ ආයෝජකයින් දිරිගැන්වීමට බවත් ඕමාන ආයෝජකයාට පහරදීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට සිදුකරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයක් බවත් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේය.
තමන්ට එරෙහිව විවිධ දේශපාලන අභූත චෝදනා එල්ල කරන්නේ දේශපාලන උවමනාවන්ට අනුව බවත් තමන් එදා සිටම ක්‍රියා කළේ ආයෝජකයින් වෙනුවෙන් බවත් තමාට චෝදනා තිබෙනවා නම් හැකිනම් ඔප්පු කරන ලෙස අභියෝග කරන බවක් ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා වැඩිදුරටත්මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී තිබෙන බවත් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම සහාය ලබාදී තිබෙන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් එල්ල කර නොමැති බවද ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඕමාන් ආයෝජකයාගේ සිද්ධියට මා සම්බන්ධ බව කීම අසත්‍යක්.. පැමිණිල්ලක් නැති සිද්ධියකට මගේ නම ගාවනවා - රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ
2023-05-11T21:40:00+05:30
Gossip Lanka Hot News





