gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ වැඩ නිසා සජබෙට කට උත්තර නැති වෙලා.. වෙන්න ආර්යාවෝ එක්ක රට හදන්න බෑ… මං වෙනම ගමනක් අරඹනවා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් සමගි ජන බලවේගය පිරිසටකට කටඋත්තර නැති වී ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්තිය නොවන බවයි.

මේ හේතුවෙන් සමගි ජන බලවේගය බරපතළ ප්‍රතිපත්තිමය ගැටලුවකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීමට සිදුව ඇති බවයි.

මේ අතර පිය උරුමයෙන් ලැබෙන දේශපාලනය උරුමයන් සමග දේශපාලනය කරන කුමාරවරුන් සහ වෙන්න ආර්යාවන් සමඟ දේශපාලනය කිරීම කළ නොහැකි බවත් රට ගොඩනැගීම සඳහා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම‍ට තමන් ඇතුළු පිරිසක් පියවර ගත් බවත් රණවක මහතා සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka