gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නගරාධිපතිකම නැතත් රෝසි තවමත් නිල නිවසේ! වැඩිපුර මාසයක් දී තිබියදීත් තවත් සති දෙකක් ඉන්න ඉල්ලලා! ලක්ෂ 8ක ලයිට් බිලක් නොගෙවා තිබියදී ඒකත් ගෙව්වේ නගර සභාවෙන්!

තමන්ට නගරාධිපති නිල නිවෙස් තවත් සති 2ක කාලයක් රැදී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් ‌ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වනවිට නගර සභාව විසුරුවා හැර තිබුණද තවදුරටත් තමන්ට එහි වාසය කිරීමට ඉඩ දෙන ලෙස රෝසි සේනානායක මහත්මිය විසින් ‌මීට පෙර ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට තිබිණ.

ඒ අනුව අප්‍රේල් 16 වන දින දක්වා මාසයක කාලයක් එසේ වැඩිපුර ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් අප්‍රේල් 16 වැනි දින නගරාධිපති නිල නිවෙස සහ එහි බඩුභාණ්ඩ යළි පවරා ගැනීමට අවශ්‍ය පියවර ‌ගැනීමට කටයුතු කොට තිබිණ.

එසේ තිබියදී රෝසි සේනානායක මහත්මිය තවත් සති 2ක් ඇයට නිල නිවසේ ගත කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන ලෙස ලිපියක් යොමු කොට ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය මාස 2ක කාලය තුළ පමණක් ලක්ෂ 8 ඉක්මවා ගිය විදුලි බිලක් නගරාධිපති නි නිවෙසින් වාර්තා වුවද එය නොගෙවා සිටීමට රෝසි සේනානායක මහත්මිය කටයුතු කර තිබීමය.

ඒ අනුව අදාළ හිග විදුලි බිල නගර සභාවේ ජනතා බදු මුදල්වලින් පියවා දැමීමට කටයුතු කොට තිබිණ
 
අප්‍රේල් දක්වා නිවෙස ලබා දීමේ ලිපිය
 

 
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka