gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමැති අරුන්දික නිදහස් කරන්නැයි කී චීන ජාතිකයාගේ පැටිකිරිය එළියට!

මෙරට ආයෝජන සඳහා පැමිණෙන ව්‍යාපාරිකයින් බව පවසමින් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ඊජිප්තු ජාතිකයෙකු පසුගිය 18 වනදා ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණා.

ඔවුන් අතර සිටි ලී පෑන් නැමැති චීන ජාතිකයා අප්‍රිකානු රටක් වන ගිනියා රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම නිසා ඇති වූයේ ආන්දෝලනාත්මක තත්වයක්.

ඇති වූ සැකය මත ඔහුගේ අනෙක් ලියකියවිලි කල ආගමන විගමන නිලධාරීන් ඔහු සතුව තිබූ චීන විදෙස් ගමන් බලපත්‍රයක්ද සොයාගෙන තිබුණා.

එහිදී චීන ජාතිකයා කලහකාරී ලෙස හැසිරුණු බවටයි වාර්තා වුණේ.

ඒ අතර ඔහුට මෙරටට ඇතුළු වීමට ඉඩ දෙන්නැයි ඉල්ලා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට ලිපියක් යොමු කර තිබුණා.

පසුව චීන ජාතිකයාට මෙරටට ඇතුළු වීමට අවස්ථාව ලැබුණද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝගයකට අනුව එම චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.

එම විමර්ශන වලින් පසු ඉකුත් 23 වනදා අමාත්‍යවරයා නියෝග කළේ චීන ජාතිකයා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසටයි.

නමුත් තමා චීනයට පිටුවහල් නොකරන්නැයි ඉල්ලා චීන ජාතිකයා ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට ඇති නිසා එදින ඔහුව පිටුවහල් නොකර ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනුණා.

එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ සලකා බැලුණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට පැවසුවේ ලී පෑ නම් මෙම චීන ජාතිකයා එරට රජය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබ සිටින අයෙකු බවයි.

ඒ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට ආගමන හා විගමන නිලධාරීන් තමන්ට පහර දී තුවාල සිදු කළ බව චීන ජාතිකයා සිය පෙත්සමේ සඳහන් කර තිබුණද එම තුවාල තමා විසින්ම සිදු කර ගැනුණු ඒවා බවට ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පිළිගත්තේ යැයි අධිකරණයේදී හෙළි වුණා.

පෙත්සම්කාර ලී පෑන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමාව චීනයට පිටුවහල් නොකර ඩුබායි රාජ්‍යයට පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

මේ අතර ලී පෑන් චීනයට පිටුවහල් කිරීම ගැන මෙරට චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka