gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වහාම අස්වෙන්නැයි පොහොට්ටු ආණ්ඩුකාරවරියට ජනපති කාර්යාලයෙන් දැනුම්දීමක්!

ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස තමාට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ඊයේ (04) දැනුම් දුන්නේ යැයි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පුවත්පතකට පවසා තිබෙනවා.

දුරකථන මාර්ගයෙන් මෙම දැනුම් දීම කළේ යැයි ද යහම්පත් මහත්මිය සඳහන් කළා.

මේ අතර වයඹ, සබරගමුව හා උතුර යන පළාත්වල ආණ්ඩුකාර ධුරවලද වෙනසක් වනු ඇති බවට මේ වනවිට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබෙනවා.

ආණ්ඩුකාර ධුරවල වෙනසක් වනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමට පටන්ගත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් පසුව සමස්ත ආණ්ඩුකාර ධුරවල වෙනසක් වීමටද ඉඩ ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවැසුවා.

නිල කාලය අවසන්ව නීතිමය ගැටලු හේතුවෙන් පළාත් සභා ජන්දය දිගින් දිගටම කල්යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් සභා සියල්ල මේ වන විට පාලනය වන්නේ ආණ්ඩුකාරවරු යටතේයි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පළාත් සභා පාලනය සඳහා එක්වන ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසුරුවා හැරීමේ බලය තිබෙන අතර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ඔහු ක්‍රියා කළ යුතුයි.

පළාතේ රාජ්‍ය සේවයේ ප්‍රධානියා සහ පළාතේ විධායක බලය හිමි පුද්ගලයා වන ආණ්ඩුකාරවරයකුගේ නිල කාලය වසර 5ක් ලෙස ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා.

ආණ්ඩුකාරවරයකුට ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තෙක් කටයුතු කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka