කටුනායකට ආ ගුවන් යානා මත්තලට හරවලා!
කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා 03ක් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීයා පැවැසීය.
කටුනායක ගුවන්තොටුපොළ අවට ඊයේ (04) රාත්‍රි හා අද උදෑසන පැවති අධික වැසි සහ අකුණු ගැසීම් හේතුවෙන් මෙම ගුවන් යානා මත්තලට හරවා යැවුණු බවද ඔහු කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ඉන් එක් යානයක සිටි මගීන් සංඛ්‍යාව 297 ක් සිටි බව වාර්තා වේ.
මාලදිවයින මාලේ සිට තවත් ගුවන් යානයක් ද මත්තලට හරවා යැවුණු ගුවන් යානා තුන අතර වෙයි.
අද උදෑසන මත්තලට හරවා යැවුණු අනෙක් ගුවන් යානය කටුනායකට පැමිණ ඇත්තේ දමාම් සිට ය.

2023-05-05T13:28:00+05:30
Lanka Hot News