කෝටි හතහමාරක රත්තරන්-කෝටි 7ක ස්මාර්ට් ෆෝන් හොරෙන් අරන් ආ ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට දඩයක් ගහලා නිදහස් කරයි!
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.කටුනායක ගුවන්තොටුපොළේදී එහි රේගු අංශය මඟින් රත්‍රං තොගයක් සමඟ ඊයේ (23) අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රැඟෙන පැමිණ ඇති මුළු රත්‍රං තොගයේ වටිනාකම හත්කෝටි හතළිස් ලක්ෂය ඉක්මවන බවට තහවුරු කර ගෙන තිබේ.
එමෙන්ම එහිදී අත්අඩංගුවට ගත් ජංගම දුරකතන තොගය තුළ ස්මාට් දුරකතන 91ක් තිබී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 71ක් බව සඳහන්ය.
ඊයේ (23) උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන්යානයකින් මෙරටට පැමිණි මන්ත්‍රීවරයා, විශේෂ පුද්ගලයන් සඳහා වෙන් කර ඇති දොරටුවෙන් ගුවන්තොටුපොළින් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගැනිණි. පසුව ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එහි තිබී රත්‍රං බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් සහ ජංගම දුරකතන තොගයක් සොයාගෙන ඇත.

-mawratanews
කෝටි හතහමාරක රත්තරන්-කෝටි 7ක ස්මාර්ට් ෆෝන් හොරෙන් අරන් ආ ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට දඩයක් ගහලා නිදහස් කරයි!
2023-05-24T09:00:00+05:30
Gossip Lanka Hot News