gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුවන් යානයේ පමාවෙන් කොරියාව ශ්‍රමිකයන් එපා කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනකු එරටට භාර ගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) දිනයේදී ප්‍රතික්ෂේප කර ඇත.නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන අංශ යටතේ දකුණු කොරියාවේ සේවය සඳහා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ්‍රමිකයන් 48දෙනා තෝරා ගෙන තිබිණි. ඔවුහු මෙරට සිට ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඊයේ කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටියහ.
 
නමුත්, එම ගුවන් යානය ගුවන් ගත කිරීමට පැය 10කට වැඩි කාලයක් ගතවන බවට දැනුම්දීමත් සමග එම ශ්‍රමිකයන් ඊයේ නොඑවන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙරටට දැනුම්දී ඇත.
 
අදාළ ශ්‍රමිකයන් රැගත් ගුවන් යානය එරටට පැමිණීමේදී සිදුවන ප්‍රමාදය හේතුවෙන් සිය මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාලය කළමනාකරණය කිරීමේ ගැටලු මතුවන බැවින් අදාළ ශ්‍රමිකයන් පිරිස ඊයේ දකුණු කොරියාවට භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
 
-සාලිය කුමාර ගුණසේකර
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka