එක්ස්ප්‍රස් පර්ලි නෞකාවෙන් සිදුවූ දැවැන්ත සමුද්‍ර දූෂණය වෙනුවෙන් වන්දි අය කරගැනීම සඳහා දියත් වී ඇති නඩු කටයුතු වළක්වා ගැනීම සඳහා එම නාවික රක්ෂණ සමාගම ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දුන්නේ යැයි කියන පුද්ගලයෙක් සම්බන්ධව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.
මේ තැනැත්තා චාමර ගුණසේකර නැමැත්තෙක් බවත් ඔහුගේ එංගලන්තයේ ඇති 15479334 දරන ගිනුමට ඩොලර් මිලියන 250ක් පමණ බැරවී ඇති බවට තමන්ට තොරතුරක් ලැබුණු බවත් ඇමතිවරයා කීවේය.

” මට අභියෝග කරලා තියනවා පුලුවන්නම් මේ සිද්ධියට සම්බන්ධ අයගේ නම් හෙළිදරව් කරන්න කියලා. අධිකරණ ඇමතිවරයා ලෙස නීතියට ගරු කරමින් මා කටයුතු කළේ. එය හෙළි දරවු වෙන්න ඕන පොලිසිය විසින්.
“මට සාක්ෂියක් ලැබුණෙ නෑ. මට තොරතුරක් ලැබුණා. මේ හෙළිදරව් කිරීමේ මා වගකීම භාරගන්නේ නෑ. මේක තොරතුරක්. මේක සාක්ෂියක් ද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒක සාක්ෂියක් ද නැද්ද කියලා තේරුම් ගන්න ඕන පොලිසිය පරීක්ෂණය කරලා අවසන් නිගමනය දුන්නම.”
“මේ තොරතුර පිළිබදව පරීක්ෂණයක් පවත්වනවා පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින්.” ඇමතිවරයා කිවේය.