gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට විහිලු කලාට කමක් නැ.. Xpress Pearl අනතුරට අල්ලස් දුන් හේතුව මේකයි - විපක්ෂ නායක

හරිත පක්ෂයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදුවී දින කිහිපයක් ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් ඉන් පසුත් අවස්ථා ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සහ පුවත්පත් නිවේදන නිකුත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද හැමෝගේම ජනප්‍රිය මාතෘකාව මෙය වුවත් මේ ගැන මුල් අවදියේ සිටි කතා කරන විට බහුතරයක් දෙනා මෙය සමච්චලයට ලක් කළ බවත් එහි ප්‍රතිඵල මේ වන විට අප විඳිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අයි.එම්.එෆ් එකෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ට වඩා මෙමගින් සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් බවත් ය.
 
වත්මන් ජනාධිපතිවරයා යටතේ දක්ෂ පක්ෂ සුහුරු ආණ්ඩුවක් නිර්මාණය වූ බවට පැවසුවත් මේ රජය මේ වන විටත් ක්‍රියාත්මක කරන්නේ රට පාවා දුන් ගජ මිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන රාජ්‍ය පාලනයක් බවත් ඔවුන් මෙම ව්‍යසනයෙන් පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් පගා ගත් බවට අධිකරණ ඇමතිවරයා පවා ප්‍රකාශ කළ බවත් මින් ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව සුහුරු ආණ්ඩුවක් වී ඇත්තේ පගා ගැසීමට බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.


මැයි 18ට පෙර නඩුවක් පැවරිය යුතු බවට මීට පෙර තමා කීප වරක්ම ප්‍රකාශ කර සිටි අවස්ථාවේ දී එය සමච්චලේට ලක් කළත් මේ වන විට කාලය ඉකුත් වීමට පෙර එම නඩුව පැවරීමට රජය කඩිමිඩියේ සූදානම් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වන රජයේ පාර්ශ්වයන්ගේ සාකච්ඡා සඳහා තමා සහභාගී වූ අවස්ථාවල දී තමා ඉදිරිපත් කළ යෝජනා රජය නොසලකා හැරිය බවත් මේ සම්බන්ධයෙන් වන රැස්වීම් විශාල ප්‍රමාණයක් පැවැත්වුවත් රජය කිසිදු පියවරක් නොගත් බවත් මේ හේතුවෙන් රටට හිමිවිය යුතු ඩොලර් වන්දි විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අවධානමක් ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.


නිවැරදි නායකයෙක් සිටියා නම් මෙය තුළින් රටට වාසිදායක විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔවුන් සිදු කර සිටියේ මේ ගැන කතා කරන විට සමාජ මාධ්‍ය හරහා හාස්‍යයට ලක් කිරිම බවත් මේ අකර්මන්‍ය පිළිවෙත ගැන විශාල සැක සංකාවක් ඇති වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රාජ්‍ය බලයට වඩා පගා බලය වැඩි වී ඇති බව යි.

‘හරිත පක්ෂයක් ලෙස අපිට හරිත කමිටුවක් තිබෙනවා. නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, රෝහිනී විජේරත්න, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් සිටිනවා. දිලුම් අලගියවන්න මහතා ජාතික සංවිධායක.

හරිත පක්ෂයක් ලෙස මෙම එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය ගැන පැහැදිලි මතයක් දරනවා. මේ සිදුවීම සිදුවෙලා දින කිහිපයක් ඇතුළත අපි ජනාධිපතිවරයාට ලිපියක් මගින් මේ ඛේචවාචකය ගැන අපක්ෂපාතී විශේෂඥ පරීක්ෂණයක් කරන්න කිව්වා. එහි පිටපත් එවක අගමැති මහින්ද රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන කතානායකට දුන්නා. අපි එතනින් නතර නොවී අවස්ථා ගණනාවක දී ප්‍රකාශන නිකුත් කළා, පුවත්පත් නිවේදන නිකුත් කළා. මේ සියල්ල මම සභාගත කරනා හැන්සාට් ගත කරනවා.

හරිත පක්ෂයක් ලෙස අපි එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය හරහා මේ රටේ සිදුවූ මහා පාරිසරික ආර්ථික සමාජයී ව්‍යවසනය විනාශය හා එහි අගතිගාමී ප්‍රතිඵල ගැන හිතලා බලනවා. අද හැමෝගෙම ජනප්‍රිය මාතෘකාව එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය. ඇත්ත වශයෙන් ම මම මතක් කරනවා එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය ගැන 2021 ජුලි 9, 2022 නොවැම්බර් 30 27 (2) ප්‍රශ්න 2ක් යොමු කළා. අද මේක පැෂන් එකක් වෙලා. අපේ රටේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනකොට, උගත් තර්කයක් ඉදිරිපත් කරද්දි, මතු කරද්දි සමච්චල් කරනවා. ඒක ෆැෂන් එකක්. 27 (2) ප්‍රශ්නයක ඉදිරිපත් කරද්දි මාව විහිලුවට ලක් කලා. ඒත් දැන් කාලාවරෝදී පනත හරහා අවුරුදු 2 කාලය පහු වෙලා මැයි 18 ලංවෙනකොට හැමෝම කතා කරනවා. එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය වුන අවස්ථාවේ මේ ගැන මම කියද්දි හිනාවුණා. ඕපදූප ඔච්චම් කළා. මේක අපේ රටේ ගොං ගතියක්. දැන් වෙලා තියෙන්නේ මොකද්ද.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9 ක් වසර 4කින් වාරික 8කින් ලැබුනත් එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය හරහා තක්සේරු හානිය ඩොලර් බිලියන 6.4ක්. මට විහිලු කලාට කමක් නැ. අද මේ විහිළුව ඛේදවාචකයක් වෙලා.

විශේෂයෙන්ම අපි හිතුවා අලුත් ජනාධිපතිවරයා යටතේ දක්ෂ පක්ෂ හපන්කම් ඇති ආණ්ඩුවක් ඇති වෙයි කියලා. අත්දැකීම් පළපුරුද්ද ඇති ජනාධිපතිවරයා සුහුරු ආණ්ඩුවක් හදයි කියලා හිතුවා. ඒත් මේ රජය ක්‍රියාත්මක කරන්නේ රට පාවාදෙන ජාවාරම්කාර ලුම්පන් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන රාජ්‍ය පාලනයක්. මේ බංකොලොත් රට තුළත් ගේම් ගහනවා. මේ එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකයෙන් පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් පගා ගහනවා. මේක කටකතාවක් වුවත් මේක තහවුරු කර ගන්න ඕන. අධිකරණ ඇමතිවරයා මේ ගැන නම් ගම් සහිතව ප්‍රසිද්ධියේ කිව්වා. එතකොට කෝ මේ සුහුරු ආණ්ඩුව. මොන සුහුරුද. සුහුරු වෙලා තියෙන්නේ පගා ගහන්න විතරයි. එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකයෙන් පවා හොරා කනවා. ලැජ්ජයි මේක. නිර්ලජ්ජිතයි.

2021 ජූලි 9, 2022 නොවැම්බර් 30 මම මේ ගැන කිව්වා. මට හිනාවුණා ඒ කාලේ. ඒත් අද හැමෝම මැයි 18ටට පෙර නඩුවක් දාන්න බලනවා. මෙහෙම නෙමෙයි රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක විය යුත්තේ. ඒ 27 (2) ප්‍රශ්නවල හැන්සාඩ් වාර්තා අද මම සභාගත කරනවා. එදා රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කිව්වා බය වෙන්න එපාලු. හැම සදුදාම අධිකරණ වරාය ධීවර හා පරිසර අමාත්‍යාංශ රැස් වෙලා මේ ගැන කතා කරනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි මටත් ඒවට එන්න කියලා. අලුත් ආදර්ශයක් ලු. මමත් ගියා. මමත් අදහස් ඉදිරිපත් කලා. ඒත් ගනන් ගත්තේ නැ.

මම අහන්න කැමතියි මේ රජය මේ සුහුරු ආණ්ඩුව හැම සදුදාම රැස් වෙලා මොනාද කලේ. හැම සතියේම සදුදා රැස්වෙලා එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය කේන්ද්‍ර කර ගෙන රැස්වීම් පවත්වා ගත් පියවර මොනවාද? අවසානයේ පැය ලගා වෙනකොට භූමිතෙල් දැමූ ගැරඩියන් වගේ දගලදගලා නඩු දාන්න හදනවා. හැම මාසෙම සදුදා දිනම රැස්වීම් පවත්වා මොනාද කලේ. ගත් පියවර මොනවද?

රට විනාශ කළ රට බංකොලොත් කළ කණ්ඩායම රටට හිමිවිය යුතු ඩොලර් වන්දි ටික ගන්න සැලසුමක් නැ. කිසිම වැඩපිලිවෙලක් නැ. මේ එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය තුළින් රටට වාසිදායක විසදුමක් ලබා ගන්න තිබුණා නැෂනල් ටාස්ක් ෆොර්ස් එකක් හදලා. මේකට අනුබද්ධිත සංවිධාන ගේන්න තිබුණා. මීපා ආයතනය හරිනම් ගැසට් විය යුත්තේ පරිසර ඇමති යටතේ. ඒත් දැන් තියෙන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිත-ුමා යටතේ. දැන් තේරෙනවා මේක මෝඩ රජයක් කියලා.

මේ වගේ ටාක්ස් ෆෝර්ස් එකක් නිර්මාණය කරලා එක නායකයෙක් යටතේ හොද සම්බන්ධීකරණයක් කරලා මේ වැඩ කරන්න තිබුණා. අපි ඒ ගැන කියද්දි සමාජ මාධ්‍ය හරහා විහිලු කරා. දැන් වුණේ රටට ලැබෙන්න තිබූ ඩොලර් බිලියන 6.4 අහිමි වීමක්. මම අහන්න කැමතියි මේ අකර්මන්‍ය පිළිවෙත ගැන ලොකු සැක සංකා ඇති වෙනවා. විශේෂයේන අධිකරණ ඇමතිතුමාගේ හෙළිදරව්ව. ඩොලර් මිලියන 250 පගාව ගත්තේ අධිකරණ කටයුතු අකර්මන්‍ය කරන්නද? රටට ලැබිය යුතු වන්දිය අහිමි කරන්නද? මේව බරපතල ප්‍රශ්න.

නිව් ඩයමන්ඩ් සිදුවීමේ දී සිටි කමිටි එකම මේකට යොදෙව්වා. ඇයි ඒ. මේ කමිටි එකේ පරිසර විද්‍යාඥයෙක් නෑ. තවත් වැදගත් චරිත නෑ. ඉතින් කොහොමද පරීක්ෂණ කරන්නේ. නිව් ඩයමන්ඩ් එකේ අසාර්ථක කමිටුව මේකට යෙදවීම හරිද?

ඒ වගේම විශේෂඥ කමිටුවලට ඒ නැවට ප්‍රවේශ වෙන්න අවසර දුන්නේ නැ. ඒ සිදුවුණු විනාශයේ කොටස් පරීක්ෂා කරන් නැතිව තක්සේරු කරන්නේ කොහොමද? ඒ පරිසර විනාශය කළ නැව් හිමියා විසින් අපේ විශේඥයන්ට තහංචි දැම්මා. එහෙම කළේ රාජ්‍ය බලයට වැඩිය පගා මුදලේ බලය වැඩි වීම නිසා. මේ කරුණු හෙළිදරව් කළ අධිකරණ ඇමතිට මම ස්තූතිවන්ත වෙනවා. බැලූ බැල්මට මහා බරපතල අපරාධයක් මේක.

මේ අවස්ථාවේ විශේෂ කරුණු කිහිපයක් අධිකරණ ඇමති තුමාගේ අවධානයට යොමු කරනවා. මේ කරුණු කාරණාවල යම් කිසි වලංගු භාවයක් තිබේ නම් පරීක්ෂා කරන්න.

අපේ රටේ තිබෙනවා අපි පිළිගන්නවා ප්‍රශස්ත නීති අධිකරණ පද්ධතියක් ඇති බව. එසේ තිබයදී ඇයි මේ නඩුව අපේ රටේ අහන් නැත්තේ. සිංගප්පූරුවේ හෝ එංගලන්තේ හෝ මේ නඩුව ඇසීම සැක සහිතයි. ඔබ දන්නවා මේක අපේ රටේ අහන්න පුළුවන් කියලා. එතකොට වන්දියට සීමා කරන්න හදන දේ අපේ රටේ නඩුව පැවරුවෙත් ඒක අදාළ නෑ. සිංගප්පූරුවේ නඩුව පැවරුවොත් ඩොලර් මිලියන 26කට මේ වන්දිය සීමා වෙනවා. අපේ රටේ නඩු පැවරුවොත් වන්දිවලට සීමා නෑ. මේක මහා ඛේචවාචකයක්. මේක මම දකින ආකාරයට සාපරාධි ක්‍රියාවක්. ආර්ථික අපරාධයක්.

දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් දැනටමත් දීලා තිබෙනවා. සීමාව මිලියන 26 නම් දැනටමත් 10ක් දීලා නම් තව ලැබෙන්න තියෙන්න ඩොලර් මිලියන 16යි. ඇයි අපිට අපේ රටේ මේ නඩුව අහන්න බැරි. අපිට ආරංචි විදිහට සිංහප්පූරුවේ නීතිඥයන්ට ඩොලර් මිලියන 4.5ක් ගෙවන්න ඕන. මේ විනාශය තුළ අපිට ලැබෙන්නේ සොච්චම් මුදලක්. කොහොමද මේක අපි රටට තහවුරු කරන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්.

ඒ වගේම මම අහන්න කැමතියි ඔස්ටේ්‍රලියානු නීති ෆර්ම් එකට සමුද්‍රීය නීති කේන්ද්‍ර කර ගෙන සමුද්‍රිය ව්‍යවසන පිළිබද දැනුමක් නැහැ. පරිසර කේන්ද්‍රීය නීති ආයතනයක් වුවත් සමුද්‍ර පරිසර ඛේදවාච ගැන අත්දැකීමක් නෑ ඔවුන්ට. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ආයතනට පළපුරුද්ද තිබේනේ ප්ලාස්ටික් ගැන සිදුවූ පරිසර විනාශයක් ගැන නඩුවක් විතරයි. ඇයි මේ වගේ එකක් තෝරා ගත්තේ. මොකද්ද ක්‍රමවේදය. මොකද්ද ප්‍රසම්පාදන ක්‍රමවේදය. එරට මහාචාර්යවරයෙක් කිව්වා නිසා මේ නීති ආයතනය ගත්තා කියලා ආරංචියි. ඇත්ත නැත්ත දන්නැ. ඒ ගැනත් හොයන්න අධිකරණ ඇමතිතුමනි.

මේ ගැන තේරීම් කාරකසභාවක් කල් මරන්නේ නැතිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇති කරන්න. එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකය පිළිබද සත්‍ය හෙළිදරව් කරනවා පමණක් නොව අපේ රටට ලබා ගත යුතු නියම වන්දිය ලබා ගන්න ඕන.

මේ අල්ලස් දීලා තියෙන්නේ බංකොලොත් රටේ හොරකම වැඩ කරන්න පුළූවන් කියලා. අපේ රටේ අය මේකට සම්බන්ධ වීම කණගාටුයි. අපි හැමෝගේම යුතුකම තමයි මේ තුළින් රටට අහිමි වන මුදල් ලබා ගැනීම සහ මේ අල්ලස් ගත් අයගේ නම් ගම් හෙළිදරව් විය යුතු යි. අන්තිම මොහොතේ හරි රට වෙනුවෙන් අපේ පරිසර පද්ධතිය වෙනුවෙන් හරි දේ කරන්න. නැවත වරක් හිතා බලන්න.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka