අලුත් අව්රුද්දේ ඛේදවාචකය! නෙළුව ආච්චිලාගේ ගෙදර ගිහින් සිටියදී අතුරුදන් වූ දරුවාගේ සිරුර ඇළ පාරකින් හමුවෙයි! VIDEO
ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි කුඩා දරුවාගේ මළසිරුර සොයාගෙන තිබේ. නිවස අසල පිහිටි ඇළ මාර්ගයක තිබි දරුවාගේ මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.
ඊයේ (15) පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව තිබු අතර ඔහු සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සොදිසි මෙහෙයුම් සිදුකර තිබුණි.
ඒ අනුව අද (16) උදෑසන දරුවාගේ මළසිරුර සොයාගත් බව නෙළුව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 2යි මාස 8ක් වන පිරිමි දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අලුත් අව්රුද්දේ ඛේදවාචකය! නෙළුව ආච්චිලාගේ ගෙදර ගිහින් සිටියදී අතුරුදන් වූ දරුවාගේ සිරුර ඇළ පාරකින් හමුවෙයි! VIDEO
2023-04-16T18:10:00+05:30
Gossip Lanka Hot News