මේ රටේ වැඩකරන ජතතාවගෙන් එකතු කරන බදු මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න පිලිබඳව වහාම රටට හෙලි කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බලකර සිටියි.
බදු එකතු කිරීමේ ක්‍රමවේදය පාරදෘශ්‍ය විය යුතු බවත් මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්‌ගේ පැවසුවේය.
මේ වන විට බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරික්යන්ගෙන් රුපියල් බිලියන 700ක පමණ මුදලක් අයවිය යුතු බවත් මෙයින් පුද්ගලයින් 200 දෙනෙකුගෙ නම් ගම් සහිත ව තිබෙන බවත් පාර්ලිමෙන්තු ආර්ථික ස්ථායිකරණ කමිටුවවේදී හෙලි වූ නමුත් ඔවුන්ගෙන් කිසිදු මුදලක් අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කිසිවෙකුත් සමත් වී නොමැති බවත් හෙතෙම පෙන්වාදේ.
මේ රටේ රථවාහන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරිමට වෙනම අධිකරණයක් පවතින නමුත් බදු හොරුන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට අධිකරණයක් පිහිටුවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රියානි විජේසිංහ
