එංගලන්තයේ සිල්වියා ලංකා පදනම මගින් මෙරටට පරිත්‍යාග ගන රුපියල් කෝටි 300ක වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ තොගය භාර ගැනීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකිරිම හේතුවෙන් මෙරටට අහිමි වනු ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් විසින් මෙම පරිත්‍යාගයන් සිදු කර ඇත්තේ මෙරටට රෝගී සත්තාරයන් නගා සිටුවිමට යැයි එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේය.
රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභූති හිමියන් සඳහන් කළේ කන්ටේනර් 100ක මෙම උපකරණ අසුරා ඇති බවත් මෙම උපකරණ මෙරටට ගෙන්වා ගැනීම සඳහා සති තුනක පමණ කාලයක සිට සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දුන් නමුත් ඒවා ගෙන්වා ගැනිමට නිසි වැඩපිළිවෙළක් මෙතෙක් ප්‍රකාශ කර නැති බවත්ය.
තවත් සති දෙකක පමණ කාලයක් තුළ අමාත්‍යංශය නිල ප්‍රකාශයක් නොකරන්නේ නම් එම භාන්ඩ රටට අහිමි වන බව උන්වහන්සේ පවසති.
මෙම භාණ්ඩ තොගය අතර දැඩි සත්කාර ඇඳන් 2500ක් , රෝහල් ඇඳන් 3500ක් සේලයින් ස්ටෑන්ඩ් 12000, ශීතකරන 400ක් ඇතුළු තවත් වෛද්‍ය /උපකරණ රැසක් ඇතැයි සූභූති හිමියෝ පැවසුහ .
