ජනපතිට SJBට එක්වන්නැයි ආරාධනා කරයි.. ලොකුම තනතුරක් දෙන්න සූදානම්..
එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගය සමග එක් වන්නයි ආරාධනා කර සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. එක් මන්ත‍්‍රිවරයෙකු පමණක් සිටින පක්ෂයක නියෝජ්‍ය නායකත්වය ගැනීමට තම පක්ෂය සුදානම් නැතැයි ද හෙතෙම පැවසීය.
එනිසා රනිල් වික්‍රමසිංහ මහතා කැමතිනම් සමගි ජන බලවේගයෙ නියෝජ්‍ය නායක කම භාරගෙන තම පක්ෂය හා එක් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක අමතමිනි.
ජනපතිට SJBට එක්වන්නැයි ආරාධනා කරයි.. ලොකුම තනතුරක් දෙන්න සූදානම්..
2023-04-07T15:10:00+05:30
Gossip Lanka Hot News






