කන්තලේදී කෝච්චියක් පීලි පැන පෙට්ටියක් ගැලවී විසිවෙයි! 16ක් තුවාල ලබා රෝහලේ! VIDEO
ත්‍රිකුණාමලය, අග්බොපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමට ලක්වීමෙන් පසු එක් මැදිරියක් පෙරළී ගොස් ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මේ අතර පොලිසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කළ බවයි.
මෙම අනතුරින් තුවාල ලැබු පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
මෙලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ, ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියයි.
කන්තලේදී කෝච්චියක් පීලි පැන පෙට්ටියක් ගැලවී විසිවෙයි! 16ක් තුවාල ලබා රෝහලේ! VIDEO
2023-04-07T19:14:00+05:30
Gossip Lanka Hot News





