සතුන්ට දෙන මස්ටික හොරකම් කරන් බයිට් හදාගෙන පළතුරුවලින් කසිප්පු පෙරන් ඒවා කාලා බීලා උද්‍යානයේ සත්තු මස් කරලා විකුණනවා!
රිදියගම සෆාරි උද්‍යානය යනු ලංකාවේ විශාලම සත්ත්ව ඝාතකාගාරය බව එම උද්‍යානයේ හිටපු ස්ථාන භාර පශු වෛද්‍ය විශේෂඥ ප්‍රියසාද් එදිරිවර්ණ පවසයි.
සෆාරි උද්‍යානයේ වෙසෙන ගෝනුණුන්, වල් ඌරන්, මුවන්, ඇතුළු වටිනා දුර්ලභ සතුන් මස් පිණිස ඝාතනය වීම සෆාරි උද්‍යානය තුළම සිදුවද්දී තමන් ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත් බවත් අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සියලුම බලධාරීන් දැනුම්වත් කළ බවත් හෙළි කරයි.
සත්තුන්ට ලැබෙන මස් වලින් කිලෝ ගණන් හොරකම් කර බයිට් හදාගෙන, සතුන්ට ලැබෙන පළතුරුවලින් කොටසක් සොරකම් කර පෙරා ගන්නා කසිප්පු පානය කරමින් මස් වැද්දන් සේ සතුන් මරණ රිදියගම සෆාරි උද්‍යානයේ තිරිසන් පාලකයින්ට එරෙහි වූ තමන්ට මරණ තර්ජන එල්ල වූවා පමණක් නොව, අනුප්‍රාප්තිකයෙක් නොමැතිව පෙරාදෙණිය කෘෂිකර්ම අමාත්‍යාංශයට වහාම ක්‍රියාත්මක වන පිරිදි මාරු කර යැවූ බව ඔහු කියයි.
තමන්ගේ විශේෂඥ තාවය ඇත්තේ වන සතුන්ට විනා කෘෂිකර්මයට අදාල සත්ත්ව පාලනයට නොවන බවත්, තමන් වසර හයක් තිස්සේ සේවය කළ අත්දැකීම් බහුලම වෛද්‍යවරයා බවත් පවසන වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ තමන් ගැන අමතක කරන ලෙසත් මේ වනවිට වෛද්‍යවරුන් තිදෙනෙක් සිටිය යුතු සෆාරි උද්‍යානයේ දැන් සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බවත් සතුන්ගේ ජීවිත බරපතල අවදානමක ඇති බවත් හෙළි කරයි.
“ මේ අපරාධය වන සතුන්ට කරන්න එපා. අපි බොහොම ආසාවෙන් හදාගත්තු සත්තු ටිකක් එතන ඉන්නේ. මාව මාරු කළාට කමක් නෑ. එතෙන්ට විෂය ගැන දන්න වෛද්‍යවරයෙක් අනුයුක්ත කළ යුතුයි. එහෙම නැතිව දැන් මාව පැය 24ක් යන්න පෙර ඉවත් කරලා දෙහිවලින් වෛද්‍යවරු ගමන් වියදම් දීමනා දීලා රිදියගම එවනවා.”
“ ආයතනය තුළ සිදුවන අපරාධයට එරෙහිවීම සාහසික කමක් ද?. එය මගේ මානව සම්බන්ධතාවල ප්‍රශ්නයක් ද?. මගෙ සතුන්ගේ කෑම ටික හොරකම් කරනවිට, මගේ සතුන් මරලා මස් ටික කනකොට, මස් ටික විකුණනකොට ඒකට එරෙහි වීම පශු වෛද්‍යවරයෙක් ලෙස මට වගකීමක් නැද්ද?.”
වැඩකරන කම්කරුවන්ගේ අතිකාල දීමනාව ඩේලි පොලියට දෙන පාලකයින් සහිත ආයතනයක් සතුන් වෙනුවෙන් වෙන්කළ උද්‍යානයක් මස් මඩුවක් කළ ආයතනක් දියුණු වේදැයි පශු වෛද්‍යවරයා ප්‍රශ්න කර සිටින්නේය.

තමන්ගේ විශේෂඥතාවය ඇති ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථාවක් නොලැබේනම් වෘත්තිකයෙකුගේ එකම විකල්පය රට හැර යෑම බවත් එය කරනවා ද නැද්ද යන්න ඉදිරියේ දී තීරණය කරන බවත් පවසන විශේෂඥ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ කොතැන සිටියත් රිදියගම සෆාරි උද්‍යානය තුළ සිදුවෙමින් ඇති සාහසික අපරාධයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බව පවසයි.
මේ අපරාධයට එරෙහිව නැගී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලංකාසර