අගමැතිවරයා සමග මැ.කො කළ සාකච්ඡාත් නිශ්ඵලයි… පළාත් පාලන මැතිවරණය රටට විහිළුවක් වෙයි!
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ අගමැතිවරයා අතර අද (10) පැවති සාකච්ඡාව නිශ්චිත තීන්දුවකින් තොරව නිමා වී ඇත.
එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් ඔවුන් ඡන්දයට ඉදිරිපත්වන කොට්ඨාසයෙන් පිටත ස්ථානයකට පත්කර වැටුප් ගෙවීමට කටයුතු කිරීමට ද තීරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඡන්දය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි ද පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 25 පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර අගමැතිවරයා මැතිවරණ කොමිසම සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.
ජනක වක්කුඹුර මාධ්‍ය අමතා කීවේ මෙසේය.
“දැන් තියෙන තත්වය අනුව 25 වැනි දා ඡන්දය තියන්න අමාරුයි. ඒක ඕන කෙනෙකුට පේනවා. මොකද තැපල් ඡන්දය තිබ්බේ නැති නිසා. කොමිසම අප්‍රේල් විසිපස් වැනිදාට පෙර ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක් කරාවි.”
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඡන්දය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි ද පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 25 පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර අගමැතිවරයා මැතිවරණ කොමිසම සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.
ජනක වක්කුඹුර මාධ්‍ය අමතා කීවේ මෙසේය.
“දැන් තියෙන තත්වය අනුව 25 වැනි දා ඡන්දය තියන්න අමාරුයි. ඒක ඕන කෙනෙකුට පේනවා. මොකද තැපල් ඡන්දය තිබ්බේ නැති නිසා. කොමිසම අප්‍රේල් විසිපස් වැනිදාට පෙර ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක් කරාවි.”
අගමැතිවරයා සමග මැ.කො කළ සාකච්ඡාත් නිශ්ඵලයි… පළාත් පාලන මැතිවරණය රටට විහිළුවක් වෙයි!
2023-04-10T19:57:00+05:30
Lanka Hot News