මින් මතුවට වැඩ කරනනේ වෘත්තීය සමිති හෝ වෙන කිසිවකට අවශ්‍ය ආකාරයට නොව රජයට අවශ්‍ය ආකාරයට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙතුවක් කල් වෘත්තීය සමිති හෝ එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය ආකාරයට වැඩ කළ බව කී ඇමතිවරයා එහි අවසාන ප්‍රතිඵලයේ වගකීම පැමිණියේ රජයට බව කීවේය. නැවතත් එවැන්නක් සිදුනොවන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ද කීවේය.
“මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි ජන ජීවිතය අඬාල කරන්න කාටවත් ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. සාධාරණ උද්ඝෝෂණවලට වැඩවර්ජනවලට අපේ කිසිම පීඩාවක්, කරදරයක්, බාධාවක් නෑ. ඒවට අපි ඉඩදෙනවා.”
“නමුත් ජනතාව පීඩාවට පත්කරන කිසිම දෙයක් කරන්න ඉඩ තියන්න පුළුවන්කමක් නෑ. අපි එක එක්කෙනා කියපු විදියට වැඩ කරා මෙච්චර දවසක්. වෘත්තීය සමිතිවලට ඕන විදියට වැඩ කරා. අපි විවිධ පාර්ශවවලට ඕන විදියට වැඩ කරා. අවසානයේ වගකීම තියෙන්නේ අපේ. “
“ඒ නිසා එක එක්කෙනාට ඕන විදියට වැඩකරන රජයක් නෙමෙයි තවදුරටත් තියෙන්නේ. මේක අලුත් රටක්. අලුත් නායකයෙක්. අලුත් ජනාධිපතිවරයෙක්. අලුත් රජයක්. මේ රජය යටතේ අපි පැහැදිලි වැඩපිළිවෙලක්, දර්ශනයක් ඇතිව වැඩකරන්නේ. අපි වගකීමෙන් වැඩකරන්නේ. මේ වෙලාවේ සියලුදෙනාගෙන්ම ඉල්ලන්නේ අපේ රටේ ප්‍රගමනයට, දියුණුවට තිබුණ ලොකුම බාධාව තමා ජනතාව අතර තිබුණ අසමගිය, අවිශ්වාසය. අපි ඒ තත්ත්වය තුරන් කරලා, ශ්‍රී ලංකාව ජනතාව විදියට එකට හිටගන්න ඕනේ. ඒ සඳහා අපි සියලු පාර්ශවයන්ට ආරාධනා කරනවා…”
