gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් IMF සමග එක් වී ඇට වූ මර උගුල ආචාර්ය කීඹියහෙට්ටි හෙළි කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 333ක ණය මුදලක් මේ වනවිට ලබා දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ලබා දී ඇති නියෝග අනුව රට මත තවත් ඩොලර් කෝටි 2000ක ණය බරක් පැටවීමේ කොන්දේසි සඟවා ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි හෙළි කර කළේය.

ඒ, පෙරේදා (04) රාත්‍රියේ සිත රූපවාහිනියේ “අලුත් කතාබහ” වැඩසටහනට එක් වෙමිණි.

ඩොලර් බිලියන 2.9ක සම්පූර්ණ ණය මුදල ලබා දීමට මූළ්‍ය අරමුදල අනුමත කර ඇති අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඇතුළු තවත් ණය දෙන ආයතන කිහිපයකින් ඩොලර් බිලියන 07ක් වූ ණය ගැනීමටත් ඊට අමතරව ඉදිරි වසර 06ක කාලය තුළ තවත් ඩොලර් බිලියන 10ක ණය මුදලක් ලබා ගැනීමටත් සිදුවන ආකාරයේ ණය උගුලක සංකාව සිර කර ඇති බව ඔහු අනාවරණය කළේය.

ඉදිරි වසර 04 තුළ ඩොලර් බිලියන 08ක් සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කළද එය යතාර්ථයක් නොවන බව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා පැහැදිලි කළේය. 2010 – 2020 දක්වා දස වසර තුළ රනිල් වික්‍රමසිංහගේ පාලනය කාලයද ඇතුළත්ව සෘජු විදේශ ආයෝජන වශයෙන් ලංකාවට ලැබී ඇත්තේ ඩොලර් බිලියන 7.7ක් පමණක් බවද මෙහිදී ඔහු හෙළිකරනු ලැබීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka