අරගලයේ කූඩාරම්වල සිටි තරුණියන්ට දරුවන් ලැබී පාරවල්වල දාලා ගිහින් - ප්‍රසන්න රණතුංග
පසුගිය වසරේ පැවති ගාලු මුවදොර අරගලයේ කූඩාරම්වල සිටි තරුණියන්ට දරුවන් ලැබී පාරවල්වල දාලා යමින් සිටින බවත් අරගලයේ ඇතැම් මානසික අසහනකාරයන් වස බී දිවි නසා ගනිමින් සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
පසු ඔහු මේ බව කියා සිටියේ උඩුගම්පොළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.
පසු ඔහු මේ බව කියා සිටියේ උඩුගම්පොළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.
‘පාරට බහින්න සාමකාමී අරගලකරුවන්ට අපි ඉඩ දීලා තියෙන්නේ. ගෝඨාභය හිටපු ජනාධිපතිතුමත් දුන්නා. දැනුත් අපි දීලා තියෙන්නේ. අරගලය මුවාවෙන් ත්‍රස්තවාදී ක්‍රියා කරනවා නම් රජය එයට දැඩි තීන්දු ගත යුතුයි. නැතිනම් රටේ මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. අපි දකිනවා අරගලයට සම්බන්ධ වුණු මානසික අසහනකාරයෝ වස බොනවා. දිවි නසා ගන්නවා. කුඩාරම්වල හිටපු අයට ළමයි හම්බවෙලා පාරවල්වල දාලා යනවා. ඒ වගේ තත්ත්වයක් රටේ තිබුණේ. ඒක අද ජනතාව තේරුම් අරන් තියෙනවා’
අරගලයේ කූඩාරම්වල සිටි තරුණියන්ට දරුවන් ලැබී පාරවල්වල දාලා ගිහින් - ප්‍රසන්න රණතුංග
2023-04-23T10:54:00+05:30
Lanka Hot News