gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සුසිල් ධුරයෙන් ඉවතට?

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇති බව දේශපාලන කවයන්හි තොරතුරු පැතිර යමින් තිබේ.

පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍යංශ කීපයක උසස් නිලධාරීන්ගේ රැස්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා පැමිණ සිටියේ නැත.

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන ජනාධිපතිවරයා එහිදී දැඩි ප්‍රකාශයක්ද කළේය.

දිගින් දිගටම උත්තර පත්‍ර පරීක්ෂාව කල් දමන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා හා අතිරේක ලේකම්වරියක් අතර මතබේදාත්මක තත්වයක් තිබේ.

මේ වන විට එම අතිරේක ලේකම්වරිය ඇමතිවරයා විසින් වෙනත් ස්ථානයකට ස්ථාන මාරු කර ඇති අතර ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන් රාජකාරි කරන්නේ නීතියට අනුව පමණක් බවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka