මෙරට රිලවුන් මුදලට ගන්න පැමිණි චීන ජාතිකයන් මේ වන විටත් ලංකාවේ සිටින බවත් මෙම ගනුදෙනුව පිටුපස සිටින්නේ සිංහල මිනිහෙක් බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
මෙම රිලවුන් ගෙනියන්නේ පරීක්ෂණ වලට බවත් සත්වෝද්‍යාන සඳහා ගෙන යන බව පවසන්නේ බොරුවට බවත් උන්වහන්සේ කියා සිටිති.
රිලවුන් අයත්වන්නේ කෘෂිකර්මාන්තයට නොව වනජීවී දෙපාර්තමේන්තුවට ද පැවසූ ආනන්ද සාගර හිමි මෙම කටයුත්ත සඳහා අමරවීර අමාත්‍යවරයා අල්ලා ගැනීම ද චීන ජාතිකයාගේ සැලසුමක් යයිද උන්වහන්සේ පවසති.
එහිමියන් මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවනට එක් වෙමිනි.
මෙරට ජාතික සම්පත් චීනයට විකුණා ඉවර ඉවර වූ පසු රිලවුන්ද චීනයට විකුණන්න උත්සාහ කරන බවද පැවසූ එහිමියෝ රිලවු චීනයට විකුණනවාට වඩා සුදුසු වන්නේ වැඩකට නැති ඇමති පුත්තු චීනයට විකිණීම බවද තවදුරටත් කියා සිටියහ.