පාස්කු ප්‍රහාරයට වසර 4යි! විරෝධය පා අද රෑ කටුවපිටියෙන් කොළඹට එන පා ගමනට ලක්ෂයකට අධික ජනතාවක්! මෑත කාලයේ විශාලම විරෝධතාව!
පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට (21) වසර 4 ක් සම්පූර්ණ වීම හේතුවෙන් කතෝලික ජනතාව සහ පියතුමන්ලා කටුවපිටියේ සිට කොච්චිකඩේ පල්ලිය දක්වා අද (20) රාත්‍රියේ පවත්වන විරෝධතා පාගමනට ලක්ෂයකට අධික ජනතාවක් සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අද (20) රාත්‍රියේ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වන පා ගමන හෙට අලුයම කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර ඇතැයි කතෝලික සභාවේ ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ ය.
එහි කාලසටහන පහත දැක්වේ.
පාස්කු ප්‍රහාරයට වසර 4යි! විරෝධය පා අද රෑ කටුවපිටියෙන් කොළඹට එන පා ගමනට ලක්ෂයකට අධික ජනතාවක්! මෑත කාලයේ විශාලම විරෝධතාව!
2023-04-20T19:53:00+05:30
Lanka Hot News