රැකියා සදහා පුද්ගලයන් ඕස්ට්‍රේලියාවට යවන බව පවසා විශාල වශයෙන් මුදල් වංචා කිරීමේ චෝදනා මත ආණ්ඩු පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොහොට්ටුවේ ප්‍රබලයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකු බව දැනගන්නට තිබේ.
කොළඹින් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා පසුගිය දිනෙකදී මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විශාල පිරිසකගෙන් ලැබුණු පැමිණිලි හේතු කොටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම වංචාවට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කොට ඇති බව පැවසේ.