හෙට මැයි දින රැළි! කොළඹ ඇතුළේ ප්‍රධාන රැළි 4ක්! ශ්‍රීලනිපය මහනුවරට!
හෙට සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක මැයි රැලි කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව ”අභියෝග බිඳ අභිලාශ ජයගමු” තේමාව රැගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි රැලිය කැම්බල් පිටියේදීත්, ”වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” තේමාවෙන් සමගි ජනබලවේගයේ මැයි රැලිය කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි.
”රට විකුණන ජනපීඩක දූෂිත පාලනය පරදවමු. ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන තේමාව රැගත් ජාතික ජනබලවේගයේ රතු මැයි රැලිය බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙන අතර ”ඉල්ලීම් අභිබවා යුතුකම් ඉටුකරන එක්සත් ජාතික පක්ෂ” යන මැයෙන් නම්කර ඇති මැයි දින මහා සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ”නිවහල් වෙමු සවිමත් වෙමු” තේමාව යටතේ මහනුවර පොදු වෙළඳපොළ ඉදිරිපිටදී සිය මැයි රැලිය පැවැත්වීමට සූදනමින් සිටිනවා.

2023-04-30T09:07:00+05:30
Lanka Hot News