gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක පවුලේ පිරිසක් සමග හොර්ටන්තැන්නේ බස් රථයක් පෙරලේ.. වාහන ඇතුල් වීම නතර කෙරේ!

හොර්ටන්තැන්න නැරඹිමට පවුලේ පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත්විම නිසා (29) දින පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කල බව පට්ට්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ මහතා පැවසිය.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් සමන්විත පවුලේ සමාජිකයන් පිරිසක් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරැව (29) දින පස්වරුවේ හොර්ටන්තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ ආපසු නුවරඑලිය දක්වා ගමන් කරන අතරතුර (29) දින පස්වරු 4.30 ට පමණ අධික බැවුමක් සහිත ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විම නිසා බස් රථය නතර කර ගැනිමට රියදුරා උත්සහ කිරිම හේතුවෙන් බස් රථය ප්‍රධාන මාර්ගය අභියස කන්දේ හැපි බස් රථය මාර්ගය හරහා පෙරලි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
 
බස් රථ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවිමට ගිය විශාල අනතුරක් වැලකි ගිය බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවත්, මාර්ගය හරහා පෙරලුණු බස් රථය ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බස් රථය ඉවත් කිරිමෙන් අනතුරුව හොර්ටන්තැන්නට වාහන ඇතුල් කිරිමට අවස්තාව ලැබෙන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka