gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“රැදවියන් 11 ක් වෙඩි තබා ඝාතනය කළ සියළු බන්ධනාගාර නිළධාරීන් වහා අත් අඩංගුවට ගන්න” - අධිකරණය නියෝග කරයි

මහර බන්ධනාගාරය තුළ රැදවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියළු බන්ධනාගාර නිළධාරීන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේ දී නියෝග කර තිබේ.

මිය ගිය රැදවියන් 11 දෙනාගේ සිරුරු පරීක්ෂා කර බැලීමේ දී, ඔවුන්ට වෙඩි තබා ඇත්තේ කැරැල්ලක් මැඩ පැවැත්වීම සදහා දරන ලද උත්සාහයක දී නොවන බව පෙනී යන්නේ යැයි මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ.

එමෙන්ම, කිසිදු රැදවියෙකුට දණහිසෙන් පහලට වෙඩි තබා නො තිබුණු අතර, සියලු දෙනා මරණයට පත්ව ඇත්තේ හිසට පපුවට හෝ බඩට එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බවද මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය වී තිබේ.

මහර බන්ධනාගාරය තුළ මෙම ඝාතනය සිදුවූවේ කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වෙමින් තිබිය දී ය.

තමන්ට කොරෝනා ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව ඉල්ලමින්, 2020 නොවැම්බර් මාසයේ 29 වන දා රැදවියන් පිරිසක් උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර, බන්ධනාගාර බළධාරීන් සහ රැදවියන් අතර ගැටුම හටගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

මෙහිදී ඝාතනයට ලක්වූ රැදවියන් 11 දෙනාම, ඔවුන් මරණයට පත්වන අවස්ථාවේ දී කොරෝනා ආසාදිත රෝගීන් බව තහවුරු වී ඇති බවද පැවසේ.

බන්ධනාගාර රැදවියන් 11 දෙනෙකු බන්ධනාගාරය තුළ දී ම වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, එවකට බන්ධනාගාරය භාර රාජ්‍ය අමාත්‍යවරයා වූ ලොහාන් රත්වත්ත පවසා සිටියේ, මිය ගිය කිසිවෙකු වෙඩි තැබීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මිය ගොස් නොතිබුණු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka