Xpress Pearl අනතුරේ වන්දිය ගසාකෑම පසුපස දියරකුස්!
කොළඹ මුහුදේ දී ගිනි ගෙන විනාශයට පත්වූ Xpress Pearl නෞකාවේ වන්දිය ගසාකෑම පසුපස ලංකාවේ ප‍්‍රසිද්ද මුහුදු මංකොල්ලකාරයා වන දියරකුස් සිටිනා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරයි.
මේ ආකාරයේ වංචාවක් සිදු කළ හැක්කේ ජනාධිපතිට හෝ ජනාධිපති ලගම සිට ඔහුගේ බලය පාවිච්චි කළ හැකි අයෙකුට පමණක් බව ද ඔහු කියා සිටියි.
ඩොලර් මිලියන 250ක කතාවක් කියන්නේ ඊටත් වඩා ලොකු වංචාවක් යටගහන්න දැයි සැක සහිත බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සියලු දෙනාගේම මෙන්ම විජයදාස රාජපක්ෂ මහතාද ගිණුම් පරීක්ෂා කරන්නැයි ඔහු ඉල්ලා සිටියි.
ඩොලර් බිලියන දහයකට වඩා වන්දි ගන්න තිබූ දෙයක් සැලසුම් සහගතව සියළුදෙනා එක්ව නැති නාස්ති කරන බවද හෙතෙම චෝදනා කළේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

2023-04-28T08:46:00+05:30
Lanka Hot News