පාස්කු දිනයේදී අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වන්නේ යැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ හාරිස්පත්තුව ප්‍රදේශයේ දී ය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන මවුලවීවරයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ හාරිස්පත්තුව ප්‍රදේශයේ දී ය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන මවුලවීවරයෙකි.
මෙම පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුම් ව්‍යාජ ඇමතුමක් බව හෙළිවී ඇති අතර එම ඇමතුම ලැබීමෙන් පසු මහනුවර ප්‍රදේශයේ දේවස්ථාන දෙසිය ගණනකට විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදවා තිබිණි.
ඊට අමතරව පානදුර ප්‍රදේශයේ ද ද ඉස්ලාම් දේවස්ථාන ගණනාවකටම ආරක්ෂාව තරකර තිබුණි.
