gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අවුරුද්දෙන් පසු දේශපාලන පෙරළියක්! දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක්! රනිල්ගෙන් අලුත් කැබිනට්ටුවක්!

එළැඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද ඇතුළත් කරමින් නව කැබිනට් හා රාජ්‍ය ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

සමගි ජනබලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද, ඊට සම්බන්ධ දෙමළ හා මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරු ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර නව ඇමැති මණ්ඩලය පත් කිරීමෙන් පසුව පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සමගි ජනබලවේගය එක්කර ගත යුතු බවට එජාපයේ හා සජබයේ මන්ත්‍රීවරුන් අතර මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසූවේ එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු කාලසීමාවේ දේශපාලන පක්ෂවල පිල් මාරුවක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවයි.

ඔහු මෙ බව පැවසුවේ ඊයේ (09) මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

“සිංහල අවුරුද්දෙන් එළඹෙන සති දෙක මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක් වගේ. මොකද පිල් මාරුවීම්,  ඇමති මාරුවීම් විවිධ දේවල් ගොඩක් අප්‍රේල් 20යි 30යි ඇතුළත වෙන්ව පුලුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නේ. හැබැයි දැනට නම් අපි කිසිම පාර්ශවයකට ගැති වෙලා වැඩ කරන්න එහෙම බලාපොරොත්තුවක් නෑ. රටට යහපතක් වෙන තීරණයක් විපක්ෂ පක්ෂ කවුරු ගත්තත් හොඳ දෙයක් කරනවා නම් ඒ සඳහා අපේ සහාය මිහි වෙනවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka