යේසුස් යනු බෞද්ධ භික්ෂුවක් බවත් කුරුසයේ තබා ඔහු ව ඝාතනය කරන ලද්දේ ඉන්දියාවේ සිට බුදුදහම ඉගෙන ගෙන සියරට ගොස් එය දේශනා කිරීම නිසා එරට පූජකයින්ගෙ උදහසට ලක්වීමෙන් බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
වාර්තාවක් උපුටමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
යේසුස් කුරුසයේ මිය ගියේ නැති බව.් ඔහුගේ ගෝලයින් විසින් ඔහු මිය ගිය ලෙස සිටීමට අවශ්‍ය ඖෂධ ලබා දී පසුව ඔහුව නැගී සිටින්නේ ඒ නිසා බවත් හෙතෙම සදහන් කර ඇත.
ක්‍රිස්තියානියේ නැවත උත්ථානය (ressurection) ලෙස දක්වා ඇත්තේ එය බවත් යේසුස් මරණයෙන් නැගිට නැවත කාෂ්මීරයට විත් එහි මුනිවරයෙකු ලෙස කාලය ගෙවා අපවත් වන බවත් ඔහු තව දුරටත් සදහන් කර තිබේ.