gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් මාස නවයක් ICU … සමාජ ජාලවල වාද විවාද.. වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක.. ICU වියදම ගැන කියයි… (video)

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල වල විවිධ වාර්තා පල වෙමින් තිබේ.
ඒ අතරවාරයේ එම සිදුවීම සහ මෙරට සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය හමුවකදී අදහස් පළකළේය.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවය මත ජනතාවට තම සෞඛ්‍ය පහසුකම් නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාව ලැබී ඇති බවයි.

යම්හෙයකින් සෞඛ්‍ය සේවාවක් පුද්ගලීකරණය වූවොත් සාමාන්‍ය උණ රෝගයකට වුවත් රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ දෙක තුනක් වීමට ඉඩ ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම පුද්ගලීකරණය වූ සෞක්‍ය සේවයක දැඩි සත්කාර ඒකකයක වියදම කෝටි ප්‍රකෝටි ගණන් දක්වා ඉහළ යා හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකගත යුතු බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ජැක්සන් ඇන්තනී මහතා පසුගිය වසරේ ජූලි 07 වැනිදා ගමන්ගත් වාහනයේ වල් අලියෙකු හැපීම නිසා සිදුවූ අනතුරෙන් ඔහු ශල්‍යකර්ම 2කට භාජනය වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි.

ඔහුට වෙන් කරන රෝහල් පිරිවැය සම්බන්ධයෙන් සමාජ ජාල වල විශාල වශයෙන් වාද විවාද මතු වෙමින් ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka