gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ පැවරූ නඩුව දිනයි! බැඳුම්කර සල්ලි ගෙවන්න ලංකාවට නියෝග කරයි!

ශ්‍රී ලංකා රජය විසින් සිය බැඳුම්කර ගෙවීම පැහැර හැරීම එරෙහිව අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේදී එම බැංකුවට පක්ෂව සිය තීන්දුව ලබා දීමට අධිකරණය පියවර ගෙන ඇත.

බැඳුම්කර සදහා ගෙවිය යුතු මුදල ආපසු නොගෙවන්නේ නම් ඩොලර් මිලියන 280ක් ගෙවන ලෙසද නිව්යෝර්ක් අධිකරණ තීන්දුවේ සදහන්ය.

2022 ජූලි 25 වන දින ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 5.875% ක පොලියක් ගෙවීමට නියමිතව තිබූ නමුත් රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් එය කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 7 කට වැඩි පොලියක් ගෙවිය යුතු බව සඳහන් කර ඇති නමුත් තමන්ට ගෙවිය යුතු සම්පූර්ණ මුදල වූ ඩොලර් මිලියන 250ක මුදල අවශ්‍ය බව හැමිල්ටන් බැංකුව ඉල්ලා තිබිණ.

බැඳුම්කර ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් වාර්තා කරයි.

ශාන්ත කිට්ස් සහ නෙවිස් හි කැරිබියන් දූපත් හි පිහිටි හැමිල්ටන් රිසර්ව් බැංකුව, ඩොලර් බිලියන 1ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගොනු කළේය.

5.875% පොලී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මාස දෙකකට පෙර 2022 ජූලි 25 වන දින ගෙවීමට නියමිතව තිබුණි.

නඩු තීන්දුව මෙන්න


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka