මෙවර මාලිමාවෙන් ගෝනි බිල්ලෙක් ඉල්ලනවා... ඔහු 88-89දී තම සගයන් පාවා දුන් අයෙක් - නාමල්ගෙන් හෙළිදරව්වක්!
ජනතා විමුක්ති පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයට ඌව පරණගම ආසනය සඳහා තරග වදින අපේක්ෂකයා අසූඅට අසූනවය කාලයේ ගෝනි බිල්ලෙක් යයි එම ප්‍රදේශයේ පුද්ගලයෙක් තමන් වෙත පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
88-89 කාලේ පොලිසියට ඔත්තු දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඝාතනය කරපු සාමාජිකයෙක් මෙවර ඔවුන් පළාත් පාලන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර ඇති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිව ඇත්තේ ගෝනිබිල්ලන් පමණක් බවත් එදා ආණ්ඩුවෙන් හැටදහසක් ඝාතනය කෙළේ නම් ඉතිරිවිය හැක්කේ ද පාවා දුන් අය පමණක් බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළොන්නාවේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.
මෙවර මාලිමාවෙන් ගෝනි බිල්ලෙක් ඉල්ලනවා... ඔහු 88-89දී තම සගයන් පාවා දුන් අයෙක් - නාමල්ගෙන් හෙළිදරව්වක්!
2023-04-10T07:27:00+05:30
Lanka Hot News






