gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Xpress Pearl අනතුරෙන් පගා ගැසීම පසුපස ගෝටාභයට සමීප කුප‍්‍රකට අයෙක්.. නැවේ කළු පෙට්ටියත් උස්සලා - චම්පික

සමාජ ඉනිමගේ ඉහළට යෑමට දරුවන්ට තිබෙන එකම අවස්ථාව වූ අධ්‍යාපනය අහිමි කිරීම විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ දරුවන්ට සිදු කරන ලද බලගතු අසාධාරණයක් බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාස එකහමාරකට අධික කාලයක් තිස්සේ උසස් පෙළ විභාගයේ ඇගයුම් ක්‍රියාවලිය ඇදීගෙන යාම ඔස්සේ පාසල් සිසුන් මුහුණදෙමින් සිටින දැඩි අපහසුතාවය සම්බන්ධයෙන් 43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී රණවක මහතා මේ බව සඳහන් කළේය.
 
ආර්ථික අර්බුදය හමුවේ දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින පාසල් ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආකර්ශණීය දීමනාවක් ගෙවීමෙන් තොරව ප්‍රශ්න පත්‍ර ඇගයීම් ක්‍රියාවලියට එක් කර ගත නොහැකි බව ද රණවක මහතාගේ අදහස වී තිබේ.

නවීන කළමනාකරණ ක්‍රම, පාඨමාලා, අලුත් අධ්‍යාපන ක්‍රමවේද, තාක්ෂණය මුසුකරගත්ත ක්‍රියාවලියක් රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

“උසස් පෙළ ලියපු දරුවෝ සාමාන්‍ය පෙළ ලියන කාලේ ඉඳන්ම මේ රටේ කෝවිඩ් ව්‍යාප්තිය,  ඔන්ලයින් අධ්‍යාපනය බිඳ වැටීම. ඒ අතරට ආ ආර්ථික කඩා වැටීමත් එක්ක ගිය වසරේ ඇතිවූ සිදුවීම් ජාලය. මේ සියල්ලටම ඉතාම බරපතල ලෙස මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි මෙවර ඔවුන් අධ්‍යාපනයව් ලබලා විභාගය ලියන අවස්ථාවේදී විදුලි කප්පාදුවක් කරගෙන ගියා. විදුලිබල මණ්ඩලයට, විදුලිබල අමාත් යාංශයට පැහැදිලි හැකියාවක් තියෙද්දී ජල විදුලි ඒකක තුන, හතරක් වැය කරලා, මේ විදුලි කප්පාදුව නවත්වන්න ඔවුන් ඒක අහංකාර, උද්දච්ච ආකාරයට කටයුතු කරලා, ඔවුන්ට බාධා කළා. මේ දහසකුත් එකක් බාධා මැදින් තමයි සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලියලා මේ දරුවෝ බලාගෙන ඉන්නේ. හුඟාක් අධ්‍යාපනය නැති, රටේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන්න බැරුව, තාත්තලා, අම්මලාගේ හයියෙන් පිටරට ගිහිල්ලා ඉගෙන ගත්ත කට්ටියට මේකේ ගැටළුවක් නොවෙන්න පුළුවන්. නමුත් මේ රටේ අපේ දරුවන්ට, අපේ ජනතාවට, මේ සමාජ ඉනිමගේ ඉහළට යන්න තියෙන එක ම අවස්ථාව, අධ්‍යාපනය, විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය මේ විභාගයේ දරුවන්ට මේ අයුක්තිය කිරීම කවුරුන් හෝ වේවා ඉතාම බලගතු අසාධාරණයක්. මේ විභාගයට කිව්වේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය කියලා. එක්තරා කාලයක විශ්ව විද්‍යාල විසින්මයි මේ ප්‍රවේශ විභාගය පවත්වාගෙන ගියේ. දැන් නම් ඒකට කියන්නේ උසස් පෙළ කියලා. දැන් ඒකට පාසල් ගුරුවරුත් මැදිහත් වෙලා තියෙනවා. විශ්ව විද්‍යාලවලින් තමයි ප්‍රවේශ විභාගය තීරණය කළේ. මොන මොන විෂයන් වලට මොන මොන දැනුම ලබා දෙනවාද කියන එක. මේකත් විශ්ව විද්‍යාලවල පළමු වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ප්‍රමුඛත්වය දීලා විසඳිය යුතු ගැටළුවක්. අපි දැක්කා ඔවුන් කරලා කියලා තියෙනවා කියලා විශ්ව විද්‍යාලවල කටයුතු කරගෙන යනවා පළවෙනි වසර, දෙවෙනි වසර විභාග කටයුතු. හැබැයි උසස් පෙළට අපි කරන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඒක සිද්ධාන්තිකව ගත්තාම වැරදියි. ඒක ඇත්තටම විශ්ව විද්‍යාලයේම කටයුත්තක්.”
විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ පිළිතුරු සකස් කිරීම ද, ශිෂ්‍ය ඇගයීම් සමහරක් සිදු කරන්නේ ද, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ ප්‍රමුඛත්වයෙනි. විභාග දෙපාර්තමේන්තුවට එවැනි පහසුකමක් හෝ හැකියාවක් දැනට ලංකාවේ නැත. එබැවින් ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සිදු කරන බැවින් උසස් පෙළ සම්බන්ධයෙන් ඔවුනට සදාචාරාත්මක වගකීමක් ද පවතින බව රණවක මහතා මෙහිදී අවධාරණය කළේය. මේ සඳහා වෘත්තීය සමිති ක්‍රියාදාමය යා කරගත යුතු නැත. මෙය ස්වෙච්ඡා කටයුත්තකි. අනෙක් අතට පාසල් ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් ද පොදුවේ රට මුහුණ දෙන අර්බුදයේ දරුණු ඛේදවාචකයට මුහුණ දී තිබේ.


“පසුගිය යහපාලන කාලයේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. ගෝඨාභය රාජපක්ෂ පාලනය කාලයේත් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. නමුත්  ඒ ගුරුවරුන්ට අද දෛනිකව මුහුණ දෙන්න වෙලා තියෙන ජීවන ගැටලුවේ තත්ත්වය ගැන බැලුවහම, ඒ වැටුප් ප්‍රමාණවත් නැහැයි කියන එක අපි කවුරුත් දන්නවා. සියලුම දෑ තුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. වැටුප් තුන් ගුණයකින් වැඩි වෙලා නැහැ. ඒ අනුව තාම දරුණු පීඩනයක තමයි මේ ගුරුවරු ඉන්නේ. කලකට ඉස්සෙල්ලා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමට යනවා කියන එක පාසල් ගුරුවරයෙකුට ගෞරවයට හේතුවක්. ඒකට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒකට තෝර ගත්තෙත් විශේෂ ගුරුවරු කණ්ඩායමක්. මොකද ඒ උත්තර පත්‍ර ඇගයීමේදී ගුරුවරුන්ගේ අත්දැකීම දරුවෝ උත්තර ලිය දීලා තියෙන හැටි සොයා බැලීම වගේ දේවල් ඉතාම වැදගත් වුණා. නමුත් අද ගුරුවරුන්ට මේ ලැබෙන දීමනාවත් එක්ක මේක බලන්න යන එක ඉතාමත්ම පාඩුදායක, අතින් කාලා, හරක් බලනවා වගේ වැඩක් වෙලා තියෙනවා. ඒ වගේම රට ගැන තියෙන කණගාටුවත්, තමන්ගේ අනාගතය ගැන තියෙන කණගාටුවත් එක්ක කිසිම උනන්දුවක් ගුරුවරු තුළින් පහළ වෙලා නැහැ. ඉතින් ඒක නිසා, රජය කරවන ඇත්තො මතක තියාගන්න ඕනේ. සියලුම දෑ තුන් ගුණයකින් ඉහළ ගියා නම්, යම් ආකර්ෂණීය දීමනාවක් මේ ගුරුවරුන්ට ලබා දීමෙන් තොරව, මේ ගුරුවරුන්ගේ නිශ්චිත ප්‍රමාණයක්වත් මේකට ඈදා ගන්න බැරි වෙනවා.


මේ තත්ත්වය තුළ ද, 15000 කට ආසන්න ගුරුවරුන් පිරිසක් උසස් පෙළ ප්‍රතිඵල ඇගයීමට ඉදිරිපත් වී සිටීම සම්බන්ධයෙන් ගෞරවය පළ කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය උත්තර පත්‍ර ඇගයීමට දෙන දීමනාව ජීවන බරයි, ගෞරවයයි කියන මේ දෙකම සළකලා අනිවාර්යෙන්ම වැඩි කළයුතුය.

“විශ්ව විද්‍යාල ආචාර්‍යවරු 2012 කාලයේ ගෙනගියා දැවැන්ත අරගලයක් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිපාදන අධ්‍යාපනයට දෙන්න ඕන කියන එක. ආචාර්‍යවරුන්ට යම් නිශ්චිත වැටුපක් දෙන්න ඕන කියන. ඔවුන් සැනසීමට ලක්වෙන ආකාරයේ වැටුප් වර්ධකයක් 2013 වර්ෂයේ ඉඳන් ලැබුණා. දැන් අවුරුදු දහයක්. ඒ වගේම යහපාලන කාලෙත් වැටුප් වර්ධක ලැබුණා. ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ට සැළකිය යුතු වැටුප් වර්ධක ලැබුණා විතරක් නෙවෙයි. මේ අවුරුදු දහය කාලය ඇතුළත ඒ විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ ජීවන රටාවේත් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඔවුන් ඒ තමන් ලැබූ වැටුප් වලට අනුරූපීව වාහන මිලදී ගත්තා වෙන්න පුළුවන්, ගෙවල් ගත්තා වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපනයට යට කළා වෙන්න පුළුවන්. එහෙම වියදම් පාර්ශවයත් වැඩි කරගෙන තියෙනවා. දැන් ඔවුන්ට ඉතුරුවෙලා තියෙන්නේ, එදිනෙදා ආහාර ගන්න ඉතුරු කරගත්ත ගාන විතරයි බොහෝ ගුරුවරුන්ට. දැන් ඒකත් බදු හැටියට කැපෙනකොට ඒ අය ඉතාමත් දරුණු අසහනයකට ලක්වෙනවා.”

මෙය ස්වේච්ඡා ක්‍රියාවලියක් බැවින් ප්‍රශ්න පත්‍ර ඇගයීමෙන් ඉවත් නොවී අධ්‍යාපන අමාත්‍යාංශයට කාලයක් ලබා දී “ලබන අවුරුද්දේ ඉඳන් අපි මේ ප්‍රශ්න පත්තර හදන්නෙත් නැහැ. අපි බලන්නෙත් නැහැ. කැමති විදියට කරගන්න කියලා ඉඩ දීලා කටයුතු කිරීම” වඩාත් උචිත බව ද රණවක මහතා පෙන්වා දෙයි. “එමෙන්ම රජය  විශ්ව විද්‍යාල ගුරුවරු සම්බන්ධයෙන් පාසල් ගුරුවරු වගේම වඩා වැඩි, දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද, මෙතන ඉන්න මේ වෘත්තීයවේදී පිරිස මොනයම් ආකාරයකින් හෝ රට හැර ගියොත්, ඒ ඇතිවෙන පාඩුව ලේසියෙන් අපිට පාලනය කරන්න හැකිවෙන්නේ නැහැ. ඒ නිසා මේ ගුරුවරු මේ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ගාණට දාලා, විශ්ව විද්‍යාල ගුරුවරුන්ට පාසල් ගුරුවරුන්ට අපහාස, අවමාන හා තර්ජනය කරන එක නතර කරලා ඔවුන් එක්ක ගෞරවනීය එකඟතාවයකට රජය කටයුතු කළ යුතුයි. විභාග කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපනයේ නවීකරණයකුත් අනිවාර්යයෙන් අවශ්‍යයි. මේ විදිහට සම්ප්‍රදායිකව උත්තර පත්‍ර ටික ගොඩ ගහගෙන මාස ගාණක් ගුරුවරු කතා කර කර මේ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ක්‍රමවේද වෙනුවට අලුත් තාක්ෂණික ක්‍රමවේශ අනුගමනය කිරීමට රටට දැන් කාලය එළඹිලා තියෙනවා. අඩු ගානේ ඇතැම් විෂයන්ටවත්, මොකද විදේශ විශ්ව විද් යාල, ඇතැම් දේශීය විශ්ව විද්‍යාලත් ඔන්ලයින් මාර්ගයෙන් විභාග ප්‍රශ්න පත්‍ර අගයනවා. විභාග ප්‍රශ්න පත්‍ර බැලීම සඳහා කෘතීම බුද්ධිය තියෙන පරිගණක භාවිතා කරනවා. මේවා මේ රටෙත් ඒ ආකාරයට අනාගතය සඳහාවත් සකස් විය යුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල පාඨමාලා කියන්නේ විභාගම ඉලක්ක කරගත්ත ක්‍රියාවලියක් නොවෙයි. ඇගයීම් ක්‍රියාවලිය හරහා විශ්ව විද්‍යාල සිසුන් ඒ වගේම පාසල් සිසුන් ඉදිරියට ගෙන යා යුතු වෙනවා. විශ්ව විද් යාල ගුරුවරුන්ටත්, පාසල් ගුරුවරුන්ටත් ඇගයීමේ ක්‍රියාවලියක් තිබිය යුතුයි. අධ්‍යාපනය  කියන්නේ අනාගතය. ඒක අතිශයින්ම වැදගත්. ඒ අනුව ක්‍රියා කළ යුතු වෙනවා. ඉතින් මෙවැනි නවීන කළමනාකරණ ක්‍රම, පාඨමාලා, අලුත් අධ්‍යාපන ක්‍රමවේද, තාක්ෂණය මුසුකරගත්ත ක්‍රියාවලියක් රටට, අනාගතයට අත්‍යවශ්‍යයි.”


මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මහතා;


ප්‍රශ්නය: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද?

පිළිතුර:මගේ අදහස අද මම මගේ මුහුණු පොතේ සඳහන් කරලා තියෙනවා නොවිසඳුනු ප්‍රශ්න හතරක් මේ පාස්කු ප්‍රහාරය ගැන තියෙනවා. කොමිෂන් සභා කිහිපයක් පත් කළා. නඩු පැවරීම් කිහිපයක් කළා. විශේෂයෙන්ම සහරාන් හෂීම් කවුද? කියන ගැටලුව ඔහු හා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ  අබුහින් කියන මවුලවිවරයා අතර වූ සම්බන්ධය කුමක්ද? අපේ බුද්ධි අංශ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ මේ තවුහිද් ජමාද් ව්‍යාපාරය පෝෂණය කළේ ඇයි? කියන ගැටලුව. ඒ වගේම 2010 දී පූනේ බේකරියේ ජර්මන් බේකරියේ සිදු වූ පිපිරීම ඩකා නගරයේ 2016 දී  සිදු වූ පිපිරීමට බොහෝ සෙයින් සමානයි. ෂැංග්‍රිලා ඇතුළු හෝටල් වල සිදු වූ පිපිරීම්. එතකොට ඒවා කළේ නැද්ද අපේ බුද්ධි අංශ කියන එක, අවසාන වශයෙන් මේ අවසානයටම දීපු මේ අනතුරු ඇඟවීම කොහොමද ගණන් නොගත්තේ කියන ගැටලුව. මෙවැනි කාරණා විශාල ප්‍රමාණයක් මගේ ඒ එෆ් බී පිටුවේ තියෙනවා.

ප්‍රශ්නය: චෝදනා එල්ල කරනවා පාස්කු ප්‍රහාරය බලය ලබාගැනීම වෙනුවෙන් කරපු කාරණයක් කියලා. ඔබගේ ප්‍රකාශය තුළත් ඊට සමානකම් තියෙනවා. ඔබත් විශ්වාස කරන්නෙ ඒ කාරණයම ද?

පිළිතුර:නැහැ. මම මගේ විශ්වාසය නෙමෙයි, සිදු වී සිදුවීම් වලින් ඉතා පැහැදිලියිනේ. ප්‍රහාරය එල්ල කළේ සහරාන් හෂීම්. ඔහු තව්හිද් ජමාත් ව්‍යාපාරයේ සාමාජිකයෙක්. ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාවේ ඇහුනේ මොකක්ද? මේ වහබ්වාදය. තවුහිද් ජමාත් ව්‍යාපාරය. මේ මගින් ජාතික ආරක්ෂාවට, සිංහල බෞද්ධයාට, සිංහල කතෝලිකයාට, දෙමළ කතෝලිකයාට බරපතල ආරක්ෂක ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය ෂාෆි වගේ කුමන්ත්‍රණයක් වෙනවා, ගර්භාෂ යුද්ධයක් ගැන කිව්වා. ඒ වගේ විශාල මතවාදී ක්‍රියාවලියක් මගින් බෞද්ධ සමාජය තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළා. කතෝලික, ක්‍රිස්තියානි සමාජය තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළා. ඇති කරලා තමයි ඒවායින් ගලවා ගැනීමේ ආරක්ෂකයා මංම වේදැයි කියලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ? හැබැයි ඒ ඡන්දෙදි මේ සහරාන් හසීම් කාලෙකට පෙර සාමාජිකයෙක් ඉල්ලා හිටපු තව්හිද් ජමාත් ව්‍යාපාරයත් කිව්වා. ඒක තමයි විශාලම විහිළුව. ගෝඨාභය රාජපක්ෂට ඡන්දේ දෙන්න කියලා. ඉතින් මම හිතන්නේ මේවා මේවා විමර්ශනය කළ යුතුයි. මේවා විමර්ශනය කළ යුතුයි. බොහෝ දෙනෙක් රැවටීමට ලක් වුණා. බෞද්ධයෝ රැවටීමට ලක්වුණා. කතෝලිකයෝ රැවටීමට ලක්වුණා. බෞද්ධ ආගමික නායකයෝ රැවටීමට ලක් වුණා. කතෝලික ආගමික නායකයෝ රැවටීමට ලක් කළා. ඉතින් මේක එක්තරා කූට නාටකයක්. කූට නාටකයක් හදලා ඒ අර්බුදයෙන් ගැලවීමේ නායකයන් අපිව ආරක්ෂකයන් අපිය කියලා කරපු කූට නාටකයයි. ඉතින් මේක ගැන තවත් කතා කරලා නම් වැඩක් නැහැ. මේ රටේ මේ යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලියි. මේකට අනාගතයේ දවසක හෝ යුක්තිය ඉටුවිය යුතුයි. මම ආරාධනා කරනවා සියලු දෙනාටම බලන්න කියලා. මගේ එෆ් බී පිටුවේ ප්‍රශ්න හතරක් මම නගලා තියෙනවා. ඒකට මම එළඹුණේ මේ සමීක්ෂණ වාර්තා සහ අනෙකුත් කාරණා එක්ක. ඒ වගේම ඔය සහරාන් හෂීම්ට විරුද්ධව ලොකුවට යුද්ධ කරන්නෙයි කිව්වට සහරාන් හෂීම් එකම සිංහලයටයි යෝජනා කළේ ඝාතනය කරන්න ඕනේ කියලා. ඒ මම. මාව ඝාතනය කරන්න කියලා එක දුන්නු එක ම මිනිහා සහරාන් හෂීම්. මම තමයි. අනික් කාටවත් කළේ නැහැ ඒක. ඔය ලොකුවට වීරයෝ වගේ අද වහබ්වාදයට විරුද්ධව ගර්භාෂය යුද්ධයට විරුද්ධව කතා කරනවා. ඒක නිසා අපි වගකීමෙන් කියනවා මේ මේකේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක පැහැදිලියි. යුක්තිය ඉටුකර ගැනීම සඳහා අනාගතයේ හෝ වෑයමක් දැරිය යුතුයි. හැබැයි තව වතාවක් නම් බෞද්ධ සමාජයවත් කතෝලික ක්‍රිස්තියානි සමාජයවත්, මුස්ලිම් සමාජයවත් රවට්ටන්න නම් අපි ඉඩ දෙන්නේ නෑ. ඉදිරියේදීත් තව තව කරුණු එළිවෙයි.


ප්‍රශ්නය : අරගලයට පහරදුන්න අය සම්බන්ධයෙන් හොයන්න කියල කණ්ඩායම් පත් කරලා තියෙනවා. මොකක් හරි සාධාරණයක් එයි ද මේ සම්බන්ධව?


පිළිතුර:ඇත්තටම මැයි 9 වෙනිදා සිදුවූ සිදුවීමට මූල කාරණය වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාව ඊට දින කිහිපයකට කලින් හමුවුණා. යම් යම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් හම්බවෙලා එතුමාට බල කරා. ඔබතුමා ඉල්ලා අස්වෙන්න එපා කියලා. එතකොට එතුමාත් කිව්වා (වීඩියෝ දර්ශන තියෙනවා) මම අස්වෙන්නේ නැහැ කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්වීම වැළැක්වීම හා ඔහු රැක ගැනීමෙහි චේතනාවෙන් තමයි එදා ඒ රැස්වීම අරලියගහ මන්දිරයට කැඳෙව්වේ. ඒ අරලියගහ මන්දිරයට කැඳවපු ආධාරකරුවන්ව මේ මයිනගෝගමට හා ගෝඨාගෝගමට ගහන්න පොළඹවපු බව ඒ රැස්වීමේ කතා අහන් හිටපු හැමෝම දන්නවා. ඒ අනුව පමා වී හෝ කිසියම් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරන්නෙයි කියලා නීතිපතිතුමා කරපු යෝජනාව ගැන අපේ ප්‍රසාදය හිමිවෙනවා. හැබැයි ඇයි නීතිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාවයි, නාමල් රාජපක්ෂ මහත්තයාවයි අමතක වුනේ කියන නම් අපට පිළිගන්න බැහැ. මොකද ඒ දෙපොළ තමයි මෙතන ප්‍රධානම චරිතය නිරූපණය කළේ. ඒ වගේම මාස තුනකට පස්සේ පොලිස්පති වෙනවා යැයි කියලා පාරම්බාගෙන ඉන්න දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පොලිස්පති ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක ගැන රටම බලාගෙන ඉන්නවා. දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ ක්‍රියාකාරීත්වය මේ පසුගිය අවුරුදු කිහිපය ඇතුලේ පොලිස්කාරයෙකුට වඩා දේශපාලන මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. පාතාල මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. නීතිය, යුක්තිය ඔහුට ඕන විදිහටයි ඔහු නවා ගෙන කටයුතු කරේ. ඔය කාලේ සිදුවෙච්ච හැම බැරෑරුම් ප්‍රශ්නයක් පිටිපස්සෙම ඔහු හිටියා. ඒ නිසා ඔහු පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? තව මාස දෙකකින් ඔහු රටේ පොලිස්පති වෙනවද? නැත්නම් ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශයක් අරගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න තරම් මේ පොලිස්පති නිර්භීතද? නීතියට එකඟද කියන එක ගැන රට බලාගෙන ඉන්නවා.

ප්‍රශ්නය : දැන් මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් ගැන කතා වෙනවා. කොහොමද ඔබතුමන්ලාගේ දායකත්වය? ජාතික ආණ්ඩුවකට සහභාගී වෙනවාද? විශේෂයෙන් ගොඩක් දුරට ඩිලාන් පෙරේරා මහත්තයා චෝදනා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරළියට ගෙනල්ලා තියෙන්නේ. එතුමාගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන යම් යම් කාරණා වළක්වා ගැනීම සඳහා රජයට හේත්තු වෙන්න බලාපොරොත්තුවෙන් කියලා ද? මේ මොහොතේ කොහොමද ඒ කාරණා ටික?

පිළිතුර:අපි එකක් පිළිගන්නවා. මේ බංකොලොත් රට ඔය කයිවාරු ගැහීම් වලින් ආණ්ඩුවට නිකන් බරපතල චෝදනා ඉදිරිපත් කිරීමෙන් ගලවා ගන්න බෑ. ඒ වගේම ආණ්ඩුව වර්තමානයේ අනුගමනය කරන ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් අපට අනුමත කරන්නත් බැහැ. ජාතික ආණ්ඩුවක් පිළිබඳව අපි නිශ්චිත යෝජනාවක් ඉදිරිපත් කළා. මේ අර්බුදය හටගත් වෙලාවෙම ගිය වසරේම අපි ඉදිරිපත් කළා. ඒක බොහොම සද්භාවයෙන් අපි ඉදිරිපත් කළේ.
1. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන උත්තර මණ්ඩලය පිහිටවන්න.
2. ඒ උත්තර මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ඊළඟ මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය දක්වා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් පිළිබඳ අවම දේශපාලන, ආර්ථික වැඩපිළිවෙලක් පිළිබඳව එකඟතාවයක් ඇතිකරගන්න.
3. සියලු දෙනාට පිළිගත හැකි විද්‍යාත්මක කෙටි ඇමති මණ්ඩලයක් භාරකාර ඇමති මණ්ඩලයක් ඇති කරන්න.
4. රටේ ඉතාමත්ම වැදගත් රාජ්‍ය ආයතන 52 ක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන රාජ්‍ය ආයතන. ඒ කියන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන සඳහා කාටත් පිළිගත් වෘත්තීය මට්ටමේ පළපුරුද්ද තියෙන දූෂණයෙන් තොර පිරිස් පත් කරන්න ,රටේ ප්‍රසම්පාදන සහ විගණන ක්‍රියාවලිය විවෘතව කරගෙන යන්න

මේ හතර ක්‍රියාත්මක වෙනවා නම් අපේ සහයෝගය අපි ලබාදෙනවා. එහෙම නැත්නම් ඔය ඇමතිකමක් දෙන්නම්, මේක අරගන්නම්, නඩුව යට ගහලා දෙන්නම්, ඒ වගේ කාරණාවලට අපි හිතන්නේ නැහැ මේ රටේ මේ අර්බුදයට විසඳුමක් වෙයි කියලා. ඔය කියන ජාතික ආණ්ඩුව.

ප්‍රශ්නය: රිලව් රට යවලා අපේ රට කරමින් ගොඩනගන්න පුළුවන්ද? මොකක්ද මේ කතාව..

පිළිතුර:චීන තානාපති කාර්යාලය වගකිවයුතු ප්‍රකාශයක් කළා. එහෙම කිසිම යෝජනාවක් නැහැ කියලා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. වගාවට හානි කරන, වනජීවී සංරක්ෂණ ප්‍රදේශවලින් බැහැරව ජීවත් වෙන සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ කැලෑවල ඉන්න ඕන සත්තු වගයක් දැන් ගමේ නගරයේ ඉන්නවා. රිලව්, වඳුරෝ, ඉත්තෑවෝ, වල් ඌරෝ, දඬු ලේන්නු, මොණරු මේ අය ඉතාමත්ම බරපතල ව්‍යසනයක් කරනවා. මේකට අපි විද්‍යාත්මක ප්‍රවේශයක් ඇති කර ගත යුතුයි. ඒ තමයි, වනජීවී සංරක්ෂණ ප්‍රදේශවලින් බැහැරව ජීවත් වෙන වනජීවී සතුන්, සඳහා, වෙනම ප්‍රතිපාදනයක් තියෙනවා වනජීවී පනතේ. මම තමයි වෙනස් කළේ 2018 දී. ඒ පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ අමාත්‍යාංශ එක්ක එකතුවෙලා මේ සතුන් සම්බන්ධයෙන්, මේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් නිශ්චිත පියවරක් ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවත්, ගොවි කටයුතු දෙපාර්තමේන්තුවත් ක්‍රියා කළ යුතුයි. ඒකේ පළවෙනි පියවර තමයි, ගොවිබිම් අයිති ගොවියාට නම්, ඒ ගොවිබිම් අයිති ගොවියන්ට, ප්‍රාදේශීය ලේකම්වරයා හෝ දිසාපතිවරයාගේ අනුදැනුම, තමන්ගේ ගොවිබිම් වලට හානි කරන සතුන් කවර ආකාරයකින් හෝ ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය ලබා දිය යුතුයි. හැබැයි ඒක වන අලින්ට, වන දිවියන්ට සහ එවැනි ආකාරයේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් පාලනය කරගත යුතු සතුන්ට අදාළ නැහැ. සෙසු සතුන් සඳහා ඒ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ කියන්නේ පළමුව අපි පනතේ මේ සතුන් වනජීවී ප්‍රදේශවලින් පිට. වනජීවී ප්‍රදේශවල මේ සතුන්ට අත තියන්න කාටවත් බැහැ. වනජීවී ප්‍රදේශවලින් පිට වගා බිම් වල හෝ නගර හෝ ගම්වල ජීවත් වෙන මේ සතුන් සඳහා හඳුනාගෙන, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්, ඒ වගේම දිසාපතිවරයා යටතට යම් සංගණනයක් කරලා, ලංකාවට ආවේණික සතුන් කවුද කියලා ඒ තුළ හඳුනාගෙන, හානි කරන සතුන් කවුද කියලා හඳුනාගෙන, ඒ සම්බන්ධයෙන් ගොවීන්ට බලපත්‍ර ලබාදෙන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම අද අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න බැහැ. මොණරු පනිනවා. මේවා සම්බන්ධයෙන් ඇතුළුවන අයට බෝඩ් එකක් ගහලා බේරෙන්න බැහැ. දැන් මේවා සම්බන්ධයෙන් නිශ්චිත පියවර ගන්න ඕනේ. කටුනායක ගුවන්තොටුපල පිහිටවලා තියෙන්නෙත් කුරුලු පාරාදීසේ. මත්තල පිහිටලා තියෙන්නෙත් කුරුලු පාරාදීසයකට කිට්ටුවෙන්. ඕක වීරවිල කරන්න ගියේ. මම තමයි පරිසර ඇමති හැටියට යන්තම් එතනින් ඒක බේරගෙන ඔතෙන්ට ගෙනාවේ. දැන් මේවායේ මේ කුරුල්ලෝ පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා වගේ අනිත් තැන්වලත් ගන්න ඕනේ. වෙන කරන්න දෙයක් නෑ. හැබැයි ඒක කරන්න ඕනේ යම් විද්‍යාත්මක අධ්‍යයනයකින් කාටත් පිළිගන්න පුළුවන් මධ්‍යස්ථ ක්‍රියාවලියකින්. අපිට පාර්ලිමේන්තුවෙත් මේ ගැන වාර්තා වුණා. වනජීවී, කෘෂිකර්ම අමාත්‍යාංශ එකතු වෙලා දිසාපතිතුමාලා හරහා මේ කටයුත්ත කළ යුතුයි. එහෙම නැතුව වඳුරෝ අල්ලනවා, වන්ධ්‍යාකරණයට ලක් කරනවා, රට පටවනවා කියන ඒවා ඉතින් පට්ට විහිලු.

ප්‍රශ්නය : 25 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත පනත ගැන අදහස මොකක්ද?

පිළිතුර:ඒ ගැන අපි වෙනම මාධ්‍ය සාකච්ඡාවක් නුදුරේම පවත්වනවා. ප්‍රතිත්‍රස්ත පනතේ ගැටලුව සරලවම කිව්වොත් ත්‍රස්තවාදී ක්‍රියා නමින් හඳුන්වලා තියෙන ක්‍රියා සාමාන්‍යයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ සිදුකරන වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ අනෙකුත් දෑ මේ ත්‍රස්තවාදී ක්‍රියා ගණයට අර්ථ දක්වලා තියෙනවා. වෙනත් අණපනත් තුළ ඒ කියන්නේ අපේ අපරාධ පනත, එහෙම නැත්නම් අයි. පී. සී. ආර්. පනත, මේ වගේ වෙනත් පනත් වලින් ආවරණය කරන්න පුළුවන් ඒවත් මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට අරන් තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියා කියන අර්ථ දැක්වීම ඉතා පුළුල්. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා, උද්ඝෝෂණ මර්දනය කිරීමට යොදා නොගන්නා ආකාරයෙන් ඔය කියන ත්‍රස්තවාදය, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එරෙහිව, ත්‍රස්තය කියන්නේ මොකක්ද? බිය ඇති කරවන සුළු. මේ ක්‍රියාදාමයම පාලනය කිරීමට හැකි විදිහේ අර්ථ දැක්වීම ඉතාමත්ම තියුණු විදිහට, ඉතාම පටු විදිහට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් මේ බෝඩ් ලෑල්ලක් අල්ලන් හිටියත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය : ගිනිගත් නැවෙ වන්දිය ගත්තම අපිට IMF වලට යන්න ඕන නැති තත්ත්වයක් ද තියෙන්නෙ?

පිළිතුර:මේකේ පටන් ගැන්මේ ඉදන්ම මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ හා ඔහු වටා හිටපු සහචර, අනුචර පිරිස් වගකියන්න ඕනේ. මොකද මේ නැව කටාර් රාජ්‍යයට ආවා. කටාර් රාජ්‍යයට ආපු වෙලාවේ, දැනගත්තා නැවේ තියෙන ඇතැම් රසායන ද්‍රව්‍ය අනතුරුදායක විදියට කාන්දු වෙමින් තිබෙන බව. කටාර් රාජ්‍යයෙන් පිටමං කරාම ඉන්දියාවට ආවා. ඉන්දියාව ඒක පිළිගත්තෙත් නැහැ. ඒ අනුව තමයි ලංකාවට ආවේ. එතකොට ලංකාවට ආවට පස්සේ ලංකාවට ආපු එකේ හාමාස්ට එහෙම නැත්නම් වරායට එහෙම නැත්නම් අර අපි කියන ජෙනරාල්ට අදුන්නු ලිපි ඊමේල් ඒ වගේම මේ නැවේ බ්ලැක් බොක්ස් මේ ඔක්කොම අතුරුදහන්. ඒ කියන්නේ නඩු පැවරීම සඳහා තියෙන නඩු භාණ්ඩ ටික ඔක්කොම අතුරුදහන්. කාටද මේවා කරන්න පුළුවන්? මේවා කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කාලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිට්ටු වෙලා හිටපු අයට පමණයි. ඒ අනුව මේ ගෝඨාභය මහත්තයා මේ ගොඩබිමට විතරක් නෙමෙයි මේ විනාශය කළේ පොහොර නොදී. අපේ සාගර ජල තලය. ඒ තියෙන අපේ සාගර සම්පත තව සියවස් ගාණකට විනාශ කළා. දැන් සාගර දූෂණ මර්දන අධිකාරිය කොමිටියක් පත් කරලා හඳුනාගෙන තියෙනවා. මේ පාඩුව ඩොලර් බිලියන 6.4 ක් කියලා. ඉතින් නිසි කාලෙට මේක නඩු පවරනවාද? මොකක්ද ගන්න ක්‍රියාමාර්ග කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාම කියනවා මෙහෙම පුද්ගලයෙක්ගේ නමට, ගිණුමකට ඩොලර් මිලියන 250 ක් වැටිලා තියෙනවා කියලා. ඉතින් එතුමාගේ වගකීමක් තියෙනවා කියන්න රටට. කවුද ඒ? ඒක නිකන් පොලිස් පරීක්ෂණයට දීලා හරියන්නේ නැහැ. ඕක තව මාස කිහිපයකින් අමතක කරලා හරියන්නේ නැහැ. මේ රටේ සාගරයට සියවස් ගානක් අපේ සාගර සම්පතට හානියක් සිදුවෙන පරිද්දෙන් වගකීම් විරහිතව කරපු මේ ක්‍රියාවට දඩුවම් දීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම වන්දි ගැනීම අනිවාර්යෙන්ම අවශ්‍යයි. ලෝකේ හැම රටක්ම කරන්නේ එහෙමයි. එතකොට මේ රටේ අපේ වරාය අධිකාරිය ඒ වගේම වාණිජ නැව් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඒ වගේම මේ නැවේ ගින්න නිවාගන්න පුළුවන් වුණේ ඉන්දියන් හමුදා, නාවික හමුදාව ඇවිල්ලා. මේ සියලු දෙනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ කෙරුණා නම්, ඒ පරීක්ෂණ වාර්තාව එකේ වාර්තාව ප්‍රසිද්ධ කරන්නත් ඕනි. මේ වන්දි අයකර ගැනීම යන්නත් ඕනේ. මේ සම්බන්ධයෙන් නඩුව යට ගැහීම සඳහා, ඊමේල් පණිවිඩ මකා දාන්න, තොරතුරු දත්ත පද්ධතිය මකා දාන්න. නැවේ තිබුණු කළු පෙට්ටි අතුරුදහන් කරන්න ක්‍රියා කරපු ජාවාරම්කාර පිරිස, ඒ වගේම ලංකාවේ එක් නාවික ක්ෂේත්‍රයේ ඉන්න කුප්‍රකට (නම කියන්නත් කැතයි) කුප්‍රකට පුද්ගලයෙක් කිව්වා මේ නැව ඇදගෙන යනවා කියලා. මම ගිහිල්ලා මේක ප්‍රශ්නෙ බේරනවා කියලා. ඉතින් ඒ නිසා ඔහුට ඒ බලය ලැබුනේ ගෝඨාභය රාජපක්ෂගෙන්. ඒ නිසා දැන් ගෝඨාභය රාජපක්ෂ දැන් පලවාහරින ලද සිවිල් පුරවැසියෙක්. ඔහු මෙයට වගකිව යුතුයි. ඔහුව දැන් ගෙන්නන්න ඕනේ මේ අධිකරණයට ඒක ඉතාම අත්‍යවශ්‍යයි දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව. ඒ අනුව මම නම් හිතන්නෑ මේකත් අර මහ බැංකු ප්‍රශ්නය වගේම කෙරෙන මඟුලක් නෙවෙයි. මොකද මේකට බොහෝ බලගතු පිරිස් සම්බන්ධයි. ලොකු මුදල් ගණුදෙනු ක්‍රියාත්මක වෙනවා. ඩොලර් බිලියන 6.4 ක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම දැවැන්ත මුදලක්. IMF එකෙන් 8% පොලියට, IMF එකෙන් අපට ලැබුනෙ ඩොලර් බිලියන 2.9 යි. ඒ වගේ දෙගුණයකට වැඩි මෙහෙ නිකන් ලැබෙන්න යනවා. ඒ නිසා මේක අපි හිතන්නෑ වෙයි කියලා. හැබැයි මේක මේ රටේ පුරවැසියෝ දැනගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ වටා හිටි චෞර පිරිස, ඒ අනුචර, සහචර ජාවාරම්කාර කල්ලියේ තවත් ජාවාරමක් අර සීනි වංචාව, පොල්තෙල් වංචාව හා අනෙක් වංචාව වගේ තවත් වංචාවක් මේක.

Media unit

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka