gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනයට කඩේ යන මාලිමාවේ කෙරුවාව

ජනතා විමුක්ති පෙරමුණ කියපු ගමන් ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ 88/89 විනාශය. මේ වෙනකොට රටේ බලය ලබා දෙන්න තියන එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ එහෙමත් නැත්නම් ජාතික ජන බලවේගය කියලයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. එහෙම නම් ජාතික ජන බලවේගයට බලය ලැබුනොත් මේ වෙනකොට ලංකාවට එල්ල වෙලා තියන විදේශ තර්ජන කෙටියෙන්ම කියනවා නම් ලංකාව අල්ලගන්න බලන් ඉන්න චීනය වගේ විදෙස් රටවල් වලින් තියෙන තර්ජනය නැති වෙයිද?

බලය ලැබුනොත්, මේ වෙනකොට ලංකාවේ බලය ලබාගෙන සිටින අනිත් පක්ෂ වල පාලකයෝ වගේ ජාතික ජන බලවේගයේ පාලකයොත් චීනෙට කඩේ නොයාවිද? එහෙම විශ්වාස කරන්න පුලුවන්ද? 

මේ වෙනකොට ලංකාවත් එක්ක ගිවිසුම්ගත වෙලා ඉන්න චීනයේ යටිකූට්ටු කුමන්ත්‍රණ වලට ජාතික ජන බලවේගයත් අහුනොවෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද බලයක් නැතත් මේ වෙනකොටත් ජනතා විමුක්ති පෙරමුණ එහෙමත් නැත්නම් ජාතික ජන බලවේගය ප්‍රමුඛ සමාජවාදීන් චීනයට කඩේ යන්න පටන් අරන් ඉවරයි. කවුරුත් නොදන්නවා වුනාට ඒ කියන්නේ මේ අය එකතු වෙලා හැමෝගෙම ඇස් වහලා චීනය එක්ක යන අලුත්ම නාට්‍යයක් රඟපාන්න යනවා.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාව තුළ “චීන යටත් විජිතකරණයට” එරෙහිව හඬ නගන එකම පක්ෂය වන අතර, රටේ පාලක ප්‍රජාව චීන රාජ්‍යය ආදර්ශයට ගැනීම ගැන කනස්සල්ලට පත්වන එකම පක්ෂයද වෙනවා. 

හැබැයි චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් එම පක්‍ෂය වෙත කරන ලද සුබපැතුම් පණිවිඩය දිහා බැලුවාම නම් පේන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. 

වචන 430කින් පමණ සමන්විත මේ පණිවිඩය කියවන ඕනම කෙනෙකුගේ සිතට සැකයක් ඇති වෙන එක පුදුමයක් නෙමෙයි. චීන ජනතාවට “නූතනත්වය සහ සමෘද්ධිය” ගෙන ඒමට සහ වසර සියයකට පෙර සිට වැඩවසම් අධිපතීන්ගේ ග්‍රහණයෙන් ඔවුන්ව ගලවා ගැනීමට මෙන්ම බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ පෙරමුණ ගැනීම වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂය දරන උත්සාහයට එම පණිවිය තුළින් ප්‍රශංසා කර තිබෙනවා. කොමියුනිස්ට් පක්ෂය “ලෝකය සමාජවාදය කරා ගෙන යාම සඳහා වාම පක්ෂ අතර සම්බන්ධීකරණ කටයුතු” ශක්තිමත් කරනු ඇතැයි විශ්වාස කරන බවත් එහි සඳහන් වෙනවා. 

පැහැදිලිවම, මේ පණිවිඩයෙන් හුදු විරසකයකට වඩා වැඩි යමකින් චීනය කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණේ ආකල්පය පැහැදිලි කරනවා. 

 චීන කොමියුනිස්ට් නම් අපකීර්තියට පත් වූ පක්ෂයකට සුබ පැතුම් පණිවිඩයක් යැවූ පළමු අවස්ථාව මෙය නොවේ. උදාහරණයක් විදිහට, 2017 දී, කොමියුනිස්ට් පක්ෂයේ හි 19 වන ජාතික සම්මේලනයට පණිවිඩයක් යවන ලද අතර, එහි සඳහන් වුනේ ෂී ජින් පින් "සහෝදරයා" විදිහටයි. ඒ විතරක් නෙමෙයි මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් සර්ව සම්පූර්ණ ආකාරයකින් ස්ථාපිත කිරීමට පක්ෂය දරන උත්සාහය අගය කර තිබුණා. 

මේ සාක්ෂි දිහා බැලුවාම ජ.වි.පෙ ප්‍රතිපත්ති, මාඕවාදී මූලයන් සමග ගැළපෙන බවට කිසිම සැකයක් නැහැ. සමහර විට, පක්ෂය චීනයට සිංහලෙන් පලු යන්න බැන්නත් අනිත් අතට ඉංග්‍රීසියෙන් සුබ පැතුම් පණිවිඩ යවා, ලොකයට පෙන්වීමට උත්සහ කරන්නේ මොකක්ද? 

කෙසේ වෙතත්, චීනය ගැන සමාජවාදීන් දක්වන ප්‍රතිචාරය දෙගිඩියාවෙන් යුතු වුනත්, එවැනි දෙගිඩියාවක් රට චීනෙට යටත් වීම ගැන, ජවිපෙට කිසිසේත්ම තියන බවක් නම් පිළිගන්න අමාරුයි. 

චීනයට බටර් ගාගෙන හොඳ මුහුණක් පෙන්නගෙන සමාජවාදීන් පිරිස දඟලන්නේ ඇයි කියන එක ගැන නම් ලංකාවේ මිනිස්සු අවධානයෙන් ඉන්න ඕනේ. මොකද, මේ දේවල් වලින් පැහැදිලි වෙන විදිහට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා ජනවහරේ කියනවා වගේ මේ වෙනකොටත් රටෙන් භාගයක්ම විකුණපු පාලකයෝ ඉන්න රටේ හොඳයි හොඳයි කියලා බලය දෙන්න හදන පාලකයොත් හොරෙන් හොරෙන් රට විකුණන්න අර අඳිනවද කියන එක ගැන ලොකු සැකයක් මතු වෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka