gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආන්දෝලනයට පත් යාපනය ළමා නිවාසයේ දැරියන් 04ක් දූෂණය කර ඇත්තේ දේවස්ථානය පවත්වාගෙන ගිය 80 හැවිරිදි දේවගැති වරයෙක්!

දැරියන් 04 දෙනා දූෂණය කළ 80 වියැති සල්ලාල දේවගැතියා ප්‍රදේශයෙන් පලා ගිහින්… පොලිසිය ඔහු සොයා මෙහෙයුම්…
ලිංගික කටයුතු ප්‍රතික්ෂේප කළ දැරියන්ට පස් පිරවූ බටවලින් පහර දීලා… මත්ද්‍රව්‍ය ලබා දී මත් කර ලිංගික කටයුතු සඳහා යොදගෙන්න උත්සාහ අරන්…

යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය ළමා නිවාසයේ දැරියන් හතර දෙනෙකු දූෂණය කොට ඇත්තේ එම දේවස්ථානයේ වයස අවුරුදු අසූවක දේවගැතිවරයෙකු විසින් බවට තොරතුරු  යාපනය පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
එම ළමා නිවාසයේ දරු දැරියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වෛද්‍යවරයාගේ නිර්දේශය වී තිබුණේ දැරියන් හතර දෙනෙකුට ලිංගික අතවර සිදුව ඇති බවයි.


ලිංගික කටයුතු වලට  සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ ළමා නිවාසයේ දරු දැරියන්ට වැලි හා පස් පුරවන ලද ප්ලාස්ටික් බට වලින් පහර දුන් බවත් ආහාර පාන ලබා නොදී සිටි බවත් මත්ද්‍රව්‍ය ලබා දුන් බවත් ළමා නිවාසයෙන් මුදා ගත් ළමයින් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

තවත් දරු දරියන් පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කිරීමට නියමිතව ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අනුව අදාල දේව ගැතිවරයා අත් අඩංගුවට ගැනීමට පොලීස් කණ්ඩායමක් අදාල දේවස්ථානය වෙත  ගොස්  ඇතත් සිද්ධියට සම්බන්ධ බව කියන දේවගැතිවරයා පළාතෙන් පලාගොස් තිබේ.

දූෂණයට ලක් වූ දැරියන්ගෙන් පොලීසිය  ලබා ගත් තොරතුරු වලට අනුව දේවස්ථානයේ තවත් දේවගැතිවරයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ළමා නිවාසයෙන් ළමයින් 13 දෙනා මුදාගත් දිනයේම ළමා නිවාසයේ සිටි තුන් දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග මත එම ළමා නිවාසය වසා දමා එහි සිටි දරුවන් හා දැරියන් කිළිනොච්චියේ ළමා නිවාස දෙකක් වෙත මාරු කොට යවා ඇති අතර ඔවුන්ව එහි සිට වෛද්‍ය පරීක්ෂණ සදහා යාපනයට රැගෙන එනු ලබයි .
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka