gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස් නෝනාගේ නිරුවත් වීඩියෝ පෙන්වා සාජන් යළිත් අනියම් ඇසුරට බල කරලා

කාත්තන්කුඩිය පොලිසියේ සේවය කරන සැරයන්වරියකට ඇගේ නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් මඟින් යොමු කරමින් තර්ජනය කර ඇති කහවත්ත පොලිස් ස්ථානයේ සේවයේ නිරත සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට මඩකලපුව කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කාත්තන්කුඩිය පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරිය විසින් පසුගිය 09 වැනිදා සවස කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මෙම සැරයන්වරිය ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයට පවසා ඇත්තේ තමන් මෙම සැරයන්වරයා සමඟ කලක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවය. ඒ එම සැරයන්වරයා කාත්තන්කුඩියේ සේවයේ නිරතව සිටි කාලයේදීය. ඇය පවසනුයේ සැරයන්වරයා ස්ථාන මාරුවක් ලැබ කහවත්තට ගිය පසු දෙදෙනා අතර ඇති සම්බන්ධය බිඳවැටුණු බවය.

එය මුල් කරගෙන මෙම නිලධාරියා තමාත් ඔහුත් එකට සිටින නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් මඟින් තමාටත් තවත් කිහිප දෙනකුටත් යොමු කර ඇති බව සැරයන්වරිය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරමින් සඳහන් කර තිබේ. සැරයන්වරයා විසින් එසේ වට්ස්ඇප් මඟින් යොමු කර තිබුණු වීඩියෝ දර්ශනයක්ද ඇය සී.ඩී. තැටියකට ගෙන ළමා හා කාන්තා කාර්යාංශයට ඉදිරිපත් කර ඇත. එම වීඩියෝ දර්ශනය දෙදෙනා එකට සිටි අවස්ථාවකදී සැරයන්වරයා විසින් සිය ජංගම දුරකතනයෙන් හොරෙන් වීඩියෝගත කර ඇති බව පෙනී යන බව ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ උසස් නිලධාරිනියක් සඳහන් කළාය.

මෙම වීඩියෝ දර්ශන වට්ස්ඇප් කර සැරයන්වරයා ඇයට තර්ජනය කර ඇත්තේ තමා සමඟ පැවති අනියම් සම්බන්ධය තවදුරටත් පවත්වාගෙන නොයන්නේ නම් වීඩියෝ දර්ශන මුහුණුපොත හරහා මාධ්‍යට මුදාහරින බවය.

දෙදෙනා අතර අනියම් ඇසුර පැවති සමයේදී සැරයන්වරයා විසින් සැරයන්වරියගෙන් රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් ලබාගෙන තිබී ඇත. එම ණය මුදල ඉල්ලා නොසිටින ලෙසත් ණය මුදල ඉල්ලා සිටින්නේ නම් මෙම වීඩියෝ දර්ශන මුහුණුපොත හරහා ප්‍රසිද්ධ කරන බවද කියමින් ඔහු ඇයට තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.

මෙම සැරයන්වරයා ඊයේ (11) දිනයේත් කහවත්ත පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිට ඇත. මෙම සැරයන්වරයා මඩකලපුව කොට්ඨාසයේ සිට ස්ථාන මාරුවීමක් ලැබ පැමිණ ඇත්තේ මෑතකදී බව කහවත්ත පොලිසියේ තොරතුරු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ
-dinamina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka